Colombo Today Local News

විදුලිය සහ ජලය කප්පාදු කරනවා. පාරිභෝගිකයින්ගෙන් චෝදනා – ඇමති නැ කියයි

‘කොවිඩ්’ වසංගත තත්වය හේතුවෙන් විදුලි සහ ජල පාරිභෝගිකයන්ට බිල් ගෙවීමට සහන කාලයක් ලබාදෙන බව පැවසුව ද බිල් නොගෙවීම හේතුවෙන් බොහෝ ප්‍රදේශවල විදුලිය සහ ජල සැපයුම විසන්දි කරන බව පාරිභෝගිකයෝ පවසති.

විදුලි බල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පසුගියදා පැවසුවේ හිඟ බිල්පත් ගෙවීමට වසර කාලයක් ලබාදෙන බවයි. ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසා තිබුණේ ජල පාරිභෝගිකයන්ට සහනයක් ලබාදෙන බවත් ජල සැපයුම විසන්දි නොකරන බවත්ය.

එසේ වුවද විදුලිබල මණ්ඩලය, ලංකා පෞද්ගලික විදුලි සමාගම සහ ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ප්‍රාදේශීය කාර්යාල විදුලිය සහ ජල සැපයුම විසන්දි කරමින් සිටින බවට පාරිභෝගිකයෝ චෝදනා කරති.

Related posts

පානදුර පාපන්දු ක්‍රීඩකයෙක් ඇද වැටී මියගිහින්

Admin

‘පෙරළියක ඇරඹුම‘ ඇරඹෙයි.. සජීවී විකාය (LIVE)

colombotoday

LTTE ත්‍රස්තයන්ගේ ක්‍රමයට අවමඟුල් උත්සවයක් නොර්වෙහිදී

colombotoday

අම්බලම්මුල්ල විහාරය ඉදිරිපිට මූලධර්මවාදී යාඥා මධ්‍යස්ථානයට එරෙහිව විරෝධතා

colombotoday

වැලිකඩ එල්ලුම් ගහ අත්හදා බලයි.. එල්ලා මරන්න සියල්ල සූදානමින්

colombotoday

ආහාර විෂ වී ඇඟලුම් සේවිකාවන් 114 රෝහල්ගත කරයි

Admin