Colombo Today Local News

පහන්තුඩාව දිය ඇල්ල අසල රතිකෙළියේ යෙදුනු යුවළ සොයයි

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙන සුන්දර දිය ඇල්ලක් අසල තරුණ යුවලක් නිරුවතින් අඹුසැමියන් ලෙස හැසිරෙන ආකාරය දැක්වෙන රූප පෙළක් හා වීඩියෝ පටයක් පිළිබඳව පොලිස් මූලස්ථානයේ දැඩි අවධානය යොමුවී තිබේ.

මෙම නිරුවත් ඡායාරූප හා වීඩියෝ පටය අන්තර්ජාලයට යොමු කළ අය කවුරුන්දැයි සොයා ගැනීම සඳහා පරිගණක අපරාධ කොට්ඨාසයේද අවධානය මේ වනවිටත් යොමු වී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම තරුණ යුවළ නිරුවතින් අඹු සැමියන් ලෙස හැසිරෙන දර්ශන රූගත කර ඇත්තේ බලංගොඩ, බෙලිහුල්ඔය ප්‍රදේශයේ පිහිටි පහන්තුඩාව දියඇල්ල අසලදී බවට සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වෙමින් පවතී.

මෙම වීඩියෝපට හා නිරුවත් පින්තූර කාන්තාවක සමාජ මාධ්‍ය හරහා අන්තර්ජාලයට යොමුකර ඇති බව දිස්වෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

ශ්‍රී ලාංකික සංස්කෘතියට පටහැනිව නිරුවතින් මෙලෙස පොදු ස්ථානයක අඹු – සැමියන් ලෙස හැසිරෙන මෙම තරුණ යුවළ සොයා ඔවුනට එරෙහිව කටයුතු කිරීමට සූදානම් වුව ද පළමුවෙන් මෙම දර්ශන ඇතුළත් ප්‍රදේශය, දියඇල්ල හා ඊට පෙනී සිටින යුවළ හඳුනාගත යුතුව ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම පහන්තුඩාව දියඇල්ල පිහිටි ප්‍රදේශය රත්නපුර දිස්ත්‍රික්කයට අයත් බව කියන අතර මේ සම්බන්ධයෙන් රත්නපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එන්.ඩී.ඩී. වීරසිංහ මහතා දැනුවත් කර ඇති බවත් මුලින්ම මෙම දියඇල්ල කුමක්දැයි සොයාගැනීමට විමර්ශන සිදුකරන බවත් ඔහු පවසා තිබේ.

Related posts

යාපනයේ පාසලක ක්‍රීඩා උළෙලක ඊළාම් සිතියමක්

colombotoday

අන්තවාදී අබ්දුල් රාසික් යලිත් ජනපතිගෙන් වැලලෙන්න ඉල්ලයි

colombotoday

හිටපු ජනපති අදත් වංචා විමර්ෂණ කොමිසමට

colombotoday

මහනුවර, අකුරණ, මඩවල, දිගන මුස්ලිම් පල්ලි පරීක්ෂා කිරීමට කිරිඇල්ලගෙන්, හලීම්ගෙන් දැඩි බාධා….

colombotoday

ගමට ගිහින් ඡන්දෙට සූදානම් වන්නැයි අගමැති ඇමතිවරුන්ට කියයි

colombotoday

කඳවුරේ පිපිරුම : පරීක්ෂණවලින් හමුදා බුද්ධී අංශ ඉවතට.. පරීක්ෂණ රහස් පොලීසියට

colombotoday