Colombo Today Local News

බැඳුම්කර මගඩිය වහගන්න අර්ජුන් මහේන්ද්‍රන් තවත් යටිකූට්ටු මගඩියක

banku horaa

මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා කෝප් කමිටුවට ඉදිරිපත් කළ වාර්තාව ව්‍යාජ වාර්තාවක් බව ඇගවීම සදහා එම වංචාව සම්බන්ධයෙන් සෘජුවම චෝදනා ලබා සිටින ඊයේ සේවාකාලය නිමාවූ මහ බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් තවත් මගඩියක් දියත් කර ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි.

විගණකාධිපතිවරයාගේ එම වාර්තාව අනියම් ආකාරයකින් තමන් වෙත ගෙන්වාගෙන ඇති මහෙන්ද්‍රන් එම තොරතුරු ‍ලබා දුන් නිලධාරීන්ව එකිනෙකා හමුවෙමින් ඔවුන් බියගන්වා ඇති බවත්, විගණකාධිපති වාර්තාවේ සදහන් කරුණු අසත්‍ය බවටත් දිවුරුම් පෙත්සම්වලට අත්සන් ලබා ගැනීමට කටයුතු කර ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ.

අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධයෙන් කෝප් කමිටු වාර්තාව ජූලි 5 වනදා ජනාධිපතිවරයාට ලබා දීමට නියමිත ඇති අතර එතෙක් නව මහබැංකු අධිපතිවරයෙකු පත් නොකර වැඩබලන අධිපතිවරයෙකු පත් කිරීමට අගමැතිවරයාගේ පාර්ශවය දැඩි උත්සාහයක නිරතව සිටින අතර අර්ජුන් මහෙන්ද්‍රන් බැරිනම් අගමැතිවරයාගේ සමීපතම සගයෙකු වන චරිත රත්වත්තේ මහබැංකු අධිපති ධුරයට පත්කළ යුතුයැයි ජනාධිපතිවරයාට දැඩි ලෙස බලකර තිබෙන නමුත් ජනාධිපතිවරයා විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙන බවද වාර්තා වේ.

විගණකාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු කෝප් කමිටුවට ඉදිරිපත් කළ වාර්තාවේ මහ බංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සිදු කල ගණුදෙනුව ආශ්‍රයෙන් නිගමනය කර තිබෙන කරුනු පහත දැක්වේ.
* වලක්වාගත හැකිව තිබූ රු :889,358,050 ක ඇස්තුමේන්තුගත අවාසිය සහ වලක්වාගත හකිව තිබූ රු : 784,898,755 ක ඇස්තුමේන්තු ගත අවාසිය ලෙස 2015 පෙබරවාරි 27 සහ 2016 මාර්තු 29 දින පැවති භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි දෙකේදි වලක්වා ගැනීමට හැකිව තිබූ එකතුව රු : 1,674,256,805 ක අස්තමේන්තුගත අවාසිය වලක්වා ගැනීමට කටයුතු නොකිරීම පිළිබඳව බලධාරීන් වගකිවයුතු බව නිගමනය කරනු ලැබේ.

* තවද සෘජු ක්‍රමයට භාණ්ඩාගාර බඳුම්කර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය ගත් 2015 පෙබරවාරි 27 දින සිට 2016 මැයි මාසය දක්වා සිදුකර ඇති බඳුම්කර නිකුත් කිරීම්වලට අදාලව ද ඇස්ත්මේන්තුගත වාසි හෝ අවාසි ගණන කළ හොත් ඉහතින් දක්වන ලද අස්තමේන්තුගත අවාසිය තවදුරටත් ඉහළයාමේ හැකියාවක් පවතීමද බැහැර කළ නොහැක.

* මෙම වාර්තාව සැකසීමේ දී විගණකාධිපති වෙත අනාවරණය වූ කරුණු සහ ඉහත සඳහන් ඡේද වලින් අවධාරනය කර ඇති කරුනු අනුව මහ බැංකු අධිපති විසින් ස්වකීයකාර්යය මෙහෙයවීමේ දී මහ බංකු අධිපතිවරයෙකුගෙන් අපේක්ෂා කරනු ලබන මට්ටමේ වෘත්තිමය විචක්ෂණභාවයකින් යුතුව කටයුතු කර අති බව තහවුරු නොවීය.

* මෙම වාර්තාව පිළියෙල කිරීමේදී විගණකාධිපති වෙත හිමි බලතල හා විෂය සීමාව තුළ කටයුතු කර අති බව අවධාරණය කරනු ලබේ. ඉන් ඔබ්බට සාපරාදී හෝ විගණකාධිපතිට නිගමනය කල නොහැකි මට්ටමේ නීති විරෝධි කටයුතු සිදු වී අතැදැයි යන්න මෙහිදී පරික්ශාවට ලක් නොවුනු හෙයින් එවන් පරික්ශාවක් අවශ්‍ය හැගි යන්නේ නම් ඒ සඳහා විශේෂිත වූ ආයතනයන් හී සහය ලබා ගැනීම සුදුසු බව නිගමනය කරමි.

 

 

 

 

Related posts

දුම්රිය දෙපාර්තමේන්තු සේවකයෙක් පිහියෙන් ඇන මරා දාලා

Admin

ජනතා මුදල් එකතු කරදී අවුරුද්දකට වැඩියි.. පෙට් ස්කෑනරය සවිකරන කුටියවත් තවමත් හදා නෑ !

colombotoday

මේක ගොබ්බ ආණ්ඩුවක්… වහා ගෙදර යා යුතුයි – ග්ලයිපොසෙට් තහනම ඉවත්කිරීම නිසා රතන හිමිත උරණ වෙයි

colombotoday

ජාතික රණවිරු අනුස්මරණ සැමරුමට සමගාමීව නිලධාරින් 177 දෙනෙකුට උසස්විම්

colombotoday

තියුණු ආයුධ සමඟ කොල්ලකෑමට ගිය කල්ලියක් අල්ලයි

Admin

19වන දා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විවෘත වන්නේ, කලින් දින හා වේලාවන් වෙන් කර ගත් අයදුම්කරුවන්ට පමණයි

colombotoday