Covid 19

පාර්ලිමේන්තු මන්ත්‍රී මරුදපාණ්ඩි රමේෂ්වරන්ට කොවිඩ්

ලංකා කම්කරු කොංග්‍රසයේ භාණ්ඩාගාරික සහ නුවර එළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මරුදපාණ්ඩි රමේෂ්වරන් මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ.

දික්ඔය මුලික රෝහලේ දී අද (19) දින සිදුකරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවක දී ඒ බව තහවුරු වු බව දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරයෙකු සඳහන් කරයි.

මන්ත්‍රීවරයාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වු හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබා ගැනිම සඳහා රෝහල් කාමරයක් වෙන් කරවාගෙන දික්ඔය මුලික රෝහලෙන් බැහැරව ගිය බව ද වාර්තා වේ.

මන්ත්‍රීවරයාගේ ළගම ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට යොමුකිරීම සඳහා තලවකැලේ මඩකුඹුර ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ නිලධාරින් වෙත උපදෙස් ලබාදුන් බවද දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසිය.

Related posts

පොලීසියේ තවත් කොරෝනා ආසාදිතයින් 17 ක් හදුනා ගැනේ

colombotoday

ඊයේ තහවුරු කල තවත් කොවිඩ් මරණ 16ක්

colombotoday

බ්‍රසීලියානු ජරා රකුසු පොළගා ලොවක් බේරා ගනීවිද ? විෂ අංශු කොරෝනා නසන බවට අධ්‍යනයකින් හෙළිවෙයි.

colombotoday

ඉතාලියේ කොරෝනා මරණ සංඛ්‍යාව 6000 ඉක්මවයි

colombotoday

සීදුව විදුහලක ගුරුවරියකට කොවිඩ්

colombotoday

තවත් කොවිඩ් ආසාදිත රැඳවියන් 42 ක් හදුනා ගනී

colombotoday