Colombo Today Local News

“තරුණයන්ට කැමති අලුත් ලෝකයක් හදනවා.. සාක්කු සල්ලිවලින් පුරවනවා” – අගමැති

තරුණ තරුණියන්ට අවශ්‍ය අලුත් ලෝකයක් බිහි කිරීම යහ පාලන ආණ්ඩුවේ අපේක්ෂාව බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.

රනිල් වික‍්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ එජාපයට නව සාමාජිකයන් බදවාගැනීම වෙනුවෙන් බදුල්ලේ පැවති උත්සවයකට එක්වෙමින්.

මේ සැරේ පෙරළිය ඇතිවුණේ බදුල්ලෙන්. 1818 වාගේ නෙමෙයි , මේ සැරේ ඌවෙන් පටන්ගත්ත කැරැල්ල මුළු රටටම ගිහින් , මුළු රට තුළම විශාල වෙනසක් ඇතිවුණා. අපි එදා ඒ පාර්ලිමේන්තු ඡන්දෙදි කිවුවා ජාතික ආණ්ඩුවක් ඇති කරනවා කියලා. ඇයි ඒ ජාතික ආණ්ඩුව ඇති කරේ ? ඒකට හේතුවක් තිබෙනවා. අපි බලයට ආවේ සාක්කු පුරවන්න නෙමෙයි. ඔබේ සාක්කු පුරවන්න. අපි ආවේ අපිට මාළිගා ගහන්න නෙමෙයි. ඔබට ගෙයක් ලබලා දෙන්න. අපි ආවේ අනුන්ගේ ඉඩම් අල්ලගන්න නෙමෙයි. ඔබට ඉඩම් අයිතිය ලබලා දෙන්න. අපි ආවේ හෙන්චයියලට වැඩකරන්න නෙමෙයි. තරුණ තරුණියන්ට රැකියා, ආදායම් මාර්ග ලබලා දෙන්න. අපිට ඕනේ අලුත් ලෝකයක් හදන්න. මේ තරුණයන්ට කැමති ලෝකයක්.

අපි භාරගත්තේ ලෝකයේ ලොකුම පිහිණුම් තටාකය හම්බන්තොට. තව අවුරුද්දක් දෙකක් යනකොට මම නැව් වළින් පුරවනවා. මලික් සමරවික්‍රම ඇමතිතුමා චීනෙන් ආපහු ආවේ මේ වරාය අපෙන් බදු දීලා අරගෙන , ඒ වරයා දියුණු කරලා , එතන වරායක් විතරක් නෙමෙයි නැව් තටාකයක් දාන්න , නැව් අලුත්වැඩියා කරන්න එතන ඉඳන් පටන් ගන්නවා.දවසට එක ගුවන් යානයක් ආව මත්තල අරගෙන , මත්තලට අඩුම ගානේ ගුවන් යානා 50ක් හරි ගේන තත්ත්වයක් තමයි දැන් ඒ චීනෙන් ඒ සමාගම භාර අරගෙන අපිට ගෙවන්න යන්නේ. මත්තලට සංචාරකයෝ එනවා. දැනට අපෙන් ඉල්ලලා තිබෙනවා කර්මාන්ත කළාප දාන්න ඉඩම් , හම්බන්තොට පළවෙනි අක්කර දාහ දෙනවා. ඊලඟට තව ඉඩම් ඉල්ලනවා දෙදහා , තුන්දහ. ඒවා ටික අපි මොණරාගල පැත්තට දානවා ඌව පළාතට දෙන්න.

Related posts

රැඳවියාට ගෙනා කිරිබත් පාර්සලයෙන් කුඩු පැකට් 29ක් මතුවෙයි

Admin

එන්නත් පොරය මැද ගුටි කෙලියක්

colombotoday

CID හිටපු අධ්‍යක්ෂ ශානිගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි

colombotoday

අද සහ හෙට විදුලි කප්පාදුවකට මහජන උපයෝගිතා කොමිසමෙන් අවසර

colombotoday

අහෝ දුකකි! අපේ උරුමයට වෙන දේ මෙන්න… ගෝනවල පන්සලක බෝධියක් කිසියම් පිරිසක් කපා දමලා

colombotoday

මැතිව්ස්ට කොවිඩ්

colombotoday