Colombo Today Local News

එටිසලාට් – හරීන් මෙගාඩීල් එක තව පියවරක් ඉදිරියට.. සේවකයන් 300ක් හොරපාරෙන් දොට්ට දමයි

harin etislatඑටිසෙලාට් ලංකා සමාගමේ සේවයේ නියුතු සේවකයින් අසාධාරණ ලෙස ඉවත් කර දැමීමට සාමාගම සූදානම් වන බව එහි සේවකයන් පවසයි. ආයතනයේ වෙළද සේවයකයන් ලෙස ස්ථීර සේවයට බදවාගත් 300 දෙනෙකු මෙලෙස ඉවත්කර දැමීමට සූදානම්වන අතර ලැබිය යුතු සේවක වරප්‍රසාද හා වන්දි මුදල් ලබා දීම සමාගම මගහිරිමින් සිටින බැවින් තමන් දැඩිලෙස අසරණව සිටින බව එම සේවකයන් පවසයි.

එටිසලාට් දුරකථන සමාගම ශ්‍රී ලංකා ටෙලිකොම් වෙත විකිණීම සදහා එහි ප්‍රධානීන් සහ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සමග පැවති සාකච්ඡාවලින් අනතුරුව දූෂිත ගනුදෙනුවකට මුළපුරා ඇති සමාගම එහි වෙළදපල වටිනාකමට වඩා වැඩි වටිනාකමක් තක්සේරු කර පෙන්වී සදහා මේවනවිට ක්‍රියාත්මක කර ඇති කූට සැළසුමට අනුව මෙලෙස අසාධාරණ ලෙස සේවකයන් හොර රහසේ ඉවත්කරමින් සිටින බවයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරන්නේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමස්ථලංකා පොදු සේවක අයිතීන් සුරැකීමේ ව්‍යාපාරය සදහන් කළේ එටිසලාට් සේවකයන්ට සිදුව ඇති අසාධාරණය සම්බන්ධයෙන් සොයා බලා නීතියමය පියවර ගැනීමට තමන් කටයුතු කරන බවයි.

Harin - Etisalat Mega deal

එටිසෙලාට් ජංගම දුරකථන සමාගම, එම සමාගමේ වෙළදපල වටිනාකමට වඩා වැඩි මිළකට ශ්‍රී ලංකා ටෙලිකොම් සමගමට විකිණීම සදහා විෂයභාර ආමත්‍ය හරීන් ප්‍රනාන්දු හරහා මහාපරිමාන දූෂිත ගනුදෙනුවකට සූදානම් වන බව අභ්‍යන්තර තොරතුරු මාර්ග අනාවරනය කරයි.

ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනය හච් දුරකථන සමාගම මිළදී ගැනීමට මීට පෙර සැලසුම් කර තිබුණු අතර එම අවස්ථාවේදීද නියමිත වටිනාකමට වඩා වැඩියෙන් ගෙවා එම සමාගම මිළදී ගැනීමට අවශ්‍ය පසුබිම සැකසෙමින් තිබියදී ඊට එරෙහිව ටෙලිකොම් අභ්‍යන්තරයෙන් එල්ල වුණු විරෝධය හේතුවෙන් ගනුදෙනුව තාවකාලිව අත්හිටුවීමට සිදුවිය.

මේ අතරතුර විදුලි සංදේශ ඇමති හරීන් ප්‍රනාන්දු අමතා ඇති අරාබි එක්සත් එමීර් රාජ්‍යයේ එටිසලාට් සමාගම් ප්‍රධානියා තම සමාගම විකිණීමට තීරණය කර ඇති බවත් එම ගනුදෙනුව සදහා අවශ්‍ය මැදිහත්වීම සිදුකරන්නේනම් අමාත්‍යවරයාගේ පංගුව ගෙවීමට සූදානම් බවත් දන්වා ඇත. ගනුදෙනුව සදහා අමාත්‍යවරයා එකගත්වය පළකර ඇති අතර ඒ අනුව එටිසලාට් මිලදී ගැනීම සදහා ටෙලිකොම්හි විධායක මට්ටමේ සාකච්ඡා මේවනවිටත් පැවැත්වෙමින් පවතින බවද ආරංචිමාර්ග අනාවරණය කරයි.

එම ගනුදෙනුව ඉලක්ක කරගනිමින් එටිසලාට් සමාගම පවතින වෙළදපල වටිනාකමට වඩා වැඩියෙන් සිය සමාගමේ මූල්‍ය වටිනාකම තක්සේරු කර පෙන්වීම සදහා මේවන දැඩි උත්සාහයක නිතරව සිටින අතර ඒ සදහා පාරිභෝගික මුදල් සූරාකමින් හොරපාරෙන් ලාභ ඉපයීමෙ වංචනික ක්‍රියාවන් කිහිපයක් පසුගිය මාස කිහිපය පුරා ක්‍රියාත්මක කර ඇත.

මහා පරිමාණ බදු වංචාවක් :

පසුගිය පෙබරවාරි 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි රජය විසින් ජාතිය ගොඩනැගීමේ බද්ද විදුලි සංදේශ සේවාවන්වලට අදාලවන පරිදි 2% සිට 4% දක්වා ඉහළ දැමීමට තීරණය කළ අතර පසුව එල්ලවුණු විරෝධය මත නැවතත් එම බදු ප්‍රතිශතය 2% දක්වා පහත හෙළීමට කටයුතු කරන ලදි. එහෙත් රජය විසින් බදු ප්‍රතිශතය යළි පහල දැමුවද එටිසලාට් සමාගම දිගටම ජාතිය ගොඩනැගීමේ බද්ද ලෙස 4% ක් පාරිභෝගිකයන්ගෙන් නීතිවිරෝධි ලෙස අයකරගැනීමට කටයුතු කර ඇත. ඒ හරහා සමාගම දිනකට රුපියල් මිලියන ගණනක අයථා ලාභයක් උපයාගෙන ඇත.

මේ පිළිබදව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරය විදුලි සංදේශ නියාමන කොමිසමට පැමිණිළි කිරීමෙන් අනතුරු එටිසලාට් සමාගම තමන් කළ වරද පිළිගැනීමට කටයුතු කර තිබිණි. එහෙත් මෙලෙස නීතිවිරෝධී ලෙස පාරිභෝගිකයන් හූරාගෙන කමින් වංචනිකව අසාධාරණ ලෙස උපයාගත් මුදල් නැවත සමාගම හරහා පාරිභෝගිකයන් වෙත ලබා දීමට හෝ සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට විදුලි සංදේශ නියාමන කොමිසම මේ දක්වා කටයුතු කර නොමැත. ඊට හේතුව ඇමති හරීන් සහ එටිසලාට් සමාගම අතර සිදුවන අතයට ඩීල් එක බවයි විදුලි සංදේශ කොමිසමේ ආරංචි මාර්ග සදහන් කරන්නේ.

ඩේටා ‍හොරකම :

අන්තර්ජාල පාරිභෝගිකයන් කිසියම් වෙබ් අඩවියකට පිවිසිමේදී සමාගම් යම් දත්ත ප්‍රමාණයක් තැන්පතු වශයෙන් තබා ගැනීම සිදුකරන අතර අදාල පාරිභෝගිකයා එම වෙබ් අඩවියෙන් ඉවත්වූ වහාම එම තැන්පත් ප්‍රමාණයෙන් සත්‍යවශයෙන් භාවිතා කළ දත්ත ප්‍රමාණයට මුදල් අයකරමින් ඉතිරි ප්‍රමාණය පාරිභෝගිකයා වෙත මුදාහරිනු ලබයි. එහෙත් එටිසලාට් සමාගම අදාල අවස්ථාවේදී දත්ත තැන්පතුව ලබාගන්නා නමුත් ඉතිරි දත්ත ප්‍රමාණය නැවත පාරිභෝගිකයා වෙත මුදා නොහරින බව නිරීක්ෂණය වී ඇති අතර ඒ හරහා සමාගම සූක්ෂම ලෙස පාරිභෝගිකයන් ගසා කෑමේ නිරතව සිටී. මේ සම්බන්ධයෙන් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විදුලි සංදේශ කොමිසමට පැමිණිලි කර ඇතත් මේ දක්වා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත.

සේවකයන් දොට්ට:

සමාගමේ සේවකයන් ඉවත්කර එම සේවකයන් මෑන් පවර් සමාගමකට බදවා එම සමගම හරහා කොන්ත්‍රාත් පදනම මත එම සේවකයන්ම සමාගමේ සේවයට යොදවා ගැනීමට එටිසෙලාට් බලධාරීන් මේ වනවිටත් කටයුතු කරමින් සිටියි. මෙයට හේතුව වී තිබෙන්නේ සමාගම අලෙවි කිරීමකදී වන්දි ගෙවීමකින් තොරව අත්තොමතිකව සේවකයන් ඉවත් කර දැමීමට හැකිවීම බවයි එටිසෙලාට් සේවකයන් සදහන් කර සිටින්නේ. මෙලෙස වෙනත් සමාගමකට සම්බන්ධ කිරීම පිළිබදව සේවකයන් දැනුවත් නොකර හොර රහසේ සිදුකරමින් පවතින අතර, සමාගම විකිණීමට ආසන්නයේ සේවක පිරිවැය අඩුකර පෙන්වා සමාගමේ ලාභය තක්සේරු කිරීම සදහා එටිසලාට් බලධාරීන් මෙම කපටි උපක්‍රමය ක්‍රියාත්මක කර ඇත.

Related posts

ලේ වැකි අනාගතයක් කරා යන්න පුළුවන් තැනකට රට තල්ලු වෙමින් තියෙන්නේ…

colombotoday

ආණ්ඩුව ගෙදර යනතුරු සටන ඉදිරියට….

colombotoday

ඇවන්ගාඩ් නඩුවේදී වාර්තාවක්.. ගෝඨා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතීඥයෝ සියයක් එකවර පෙනී සිටිති

colombotoday

ජිනීවා අවුලෙන් වමත් ඇවිලෙයි – කොමියුනිස්ට් පක්ෂයේ ජාතික සංවිධායකත් අස්වෙයි

colombotoday

පුතුගේ නිවසේ සිටි මව අභිරහස් ලෙස මිය ගිහින්

colombotoday

SAITM වසා දමන තුරු වෛද්‍ය සිසුන් ඉගෙනීමෙන් ඉවත් වෙයි !!

colombotoday