Colombo Today Local News

ජනපති උපදේශක සාලි ජිහාද් ත්‍රස්තයෙක්ද සැකයි.. වහාම අත්අඩංගුවට ගන්න.. පොලිස්පතිට පැමිණිලි

හිටපු පළාත්සභා මන්ත්‍රී, ජනාධිපති උපදේශක අසාත් සාලි වහාම අත්අඩංගුවට ගන්නැයි ඉල්ලමින් බොදු බල සේනා සංවිධානය පොලිස්පතිවරයා වෙත අද (05) පැමිණිල්ලක් භාරදී ඇත.

පැමිණිල්ල සම්බන්ධයෙන් සිංහල රාවය ජාතික සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගලකන්දේ සුදත්ත හිමියන් සහ, බොදු බල ‍සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී කථිකාචාර්ය දිලන්ත විතානගෙ මහතා මෙසේ අදහස් දක්වයි.

“බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ව මරාගෙන මැරෙනවැයි කියලා මරණීය තර්ජනය කරපු අසාද් සාලී වහාම අත්අඩංගුවට අරගෙන නීතිය හමුවට පමුණුවන්න කියන ඉල්ලීම කරලා තමයි අද පොලිස් මූලස්ථානයට ගිහින් පොලිස්පතිතුමාට පැමිණිල්ලක් ඉදිරිපත් කළේ. අපි විශේෂයෙන්ම සිංහල බෞද්ධයන් හැටියට අවදියෙන් ඉන්නවා. ඥාණසාර හිමියන්ට යම් සීරීමක් හරි සිදුවූනෝතින් සම්පූර්ණ වගකීම අසාද් සාලී ඇතුළු මුස්ලිම් කවුන්සිලය භාරගන්න ඕනේ.

අසාද් සාලි කිසියම් ත‍්‍රස්ත සංවිධානයක සාමාජිකයෙකු දැයි සාධාරණ සැකයක් පවතින බවද පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් මෙහිදී කියා සිටියේය.

අපිට සාධාරණ සැකයක් තිබෙනවා අසාද් සාලී ජිහාඩ් සංවිධානයේ සාමාජිකයෙක්ද , අයි එස් ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයෙක්ද එහෙමත් නැත්නම් LTTE සංවිධානයේ සාමාජිකයෙක්ද කියලා. මොකද දිවිනසා ගැනීමට හැකියාව තිබෙන්නේ එවන් වූ ත්‍රස්ත සංවිධානයක සාමාජිකයෙකුට පමණයි අපි දන්නා පරිදි”

මේ අතර අසාද් සාලි මන්ත්‍රීවරයා විසින් කරන ලද මරණීය තර්ජණය සම්බන්ධයෙන් දිලන්ත විතානගේ මහතාගේ අත්සනින් යුතුව පොලිස්පතිවරයා වෙත ලිපියක්ද ලබා දී ඇති අතර එහි මෙසේ දක්වා ඇත.

“කෙසේ වුවද ඥානසාර හිමිගේ ප්‍රකාශය තුල අඩංගු වන්නේ පහත වූ කරුණය.

“මුස්ලිම් කවුන්සිලය විසින් පොලිස්පතිවරයාට යැවූ ලිපියේ පිටපතක් ප්‍රොපට් මොහොමඩ් හරහා අල්ලා දෙවියන්ටත් යවන ලෙසත්, අපි බය නොවන බවත්”

මෙම ප්‍රකාශය කෙසේ සිය ආගමික නායකයාට හා අල්ලා නම් දෙවියකුට අපහාස කිරීමක් නොවන අතර යමක් දෙවියන්ට කිවීම හෝ දෙවියන්ට බය නැති බව කීම අපේ රටේ නීතියට අනුව කිසිදු වරදක් නොවේ.

එහෙත් යමෙක් මරාගෙන ගෙන මැරෙන බව හා එය අවසන් නිවේදනය ලෙස තර්ජනය කිරීම යනු ලංකාවේ අපරාධ නීතිය යටතේ පැහැදිලි ව දඬුවම් ලැබිය යුතු වරදකි. එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනතාවට ඇති සිතීමට හා අදහස් ප්‍රකාශ කිරීමට ඇති මුලික මිනිස් අයිතිවාසිකම් වලට කරන පැහැදිලි තර්ජනයකි.

බෞද්ධයින් වශයෙන් අප සිතන්නේ යමෙක් බුදු හිමියන්ට අපහාස කලද එයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම මිස මරාගෙන මැරෙන ලෙස කටයුතු කිරීම නොවන බවය.

ඥානසාර හිමි ප්‍රමුඛ බොදු බල සේනා මුලිකයින්ට යම් ප්‍රහාරයක් එල්ල කිරීම උදෙසා උසිගන්වීමේ හා සිංහල මුස්ලිම් පිරිස් අතර පැහැදිලි කලබල ඇති කිරීමේ අරමුණින් මෙම තර්ජනය කිරීම සිදු කරන බවට අප සැක කරන අතර ඒ අනුව

මෙම සාපරාධී මරණීය තර්ජන කරනු ලබන අසාත් සාලි නැමැත්තා වහාම අත්අඩංගුවට ගෙන දඬුවම් කරන ලෙස හා ISIS හා ඉස්ලාමික ත්‍රස්තවාදයට සම්බන්ද යැයි සැක කරන

1) මුස්ලිම් කවුන්සිලය
2) ජමයිතුල් උලමා සංවිධානය ( හලාල් සහතික මුදල් අයකළ ඔවුන් සිරියාවේ මියගිය ශ්‍රී ලංකික ISIS ත්‍රස්තයාට යම් පැවරුම් සඳහා මුදල් ගෙවා ඇති බවට තොරතුරු ලැබී ඇත.)
3) සුරා කවුන්සිලය
4) නව හලාල් සහතික කරන සංවිධානය
5) ත්වුහිඩ් ජමාත් සංවිධානය
6) සමහර මුස්ලිම් දේශපාලකයින්

මේ සම්බන්ද නායකයින්ගේ විදේශ ගමන්, ආදායම්, වියදම්, දේපල හා බැංකු ගිණුම් ආදිය පරීක්ෂා කල විට බොහෝ දේ පැහැදිලි වනු ඇත.

බහුතරයක් මුස්ලිම් ජනතාව මෙම අන්තවාදයට නැඹුරු වී නොමැති බැවින් වහාම මේ තත්වය වර්ධනය නොවීමට කටයුතු කිරීමට සියලු දෙනා කටයුතු නොකළහොත් තත්වය ඉතාමත් දරුණු විය හැකි බව අපගේ විශ්වාසයයි”

වීඩියෝව – DailyCeylon

 

Related posts

ඇමති රාජිත ඇවන් ගාඩ් එකෙන් ගත්ත මිලියන 5 ආපසු යවයි (Audio)

colombotoday

අඩු ආදායම්ලාභී පාසල් සිසුන්ට වියළි ආහාර

colombotoday

ලියාපදිංචි නොවූ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වෙළෙඳුන් සොයා විමර්ශන

colombotoday

ශ්‍රීලනිප 04ක්, ඒකාබද්ධයේ 51ක් අත්සන් තබයි.. අගමැතිට එරෙහි විශ්වාසභංගය කථානායකට

colombotoday

සුමංගල හිමි ඥාණසාර හිමි සමග උසාවි යයි.. රංජිත් කීර්ති දූෂණ විරෝධයෙන් ඉවත්වෙයි !

colombotoday

දමිළ දේශපාලන සිරකරුවන් 46ක් නිදහස් කරන්න වැඩ පිළිවලක්

colombotoday