Colombo Today Local News

පොදු සමා කාලය තුළ 14,000 ක් හමුදාව හැර ගිහින් !

army36නීත්‍යානුකූල අවසරයකින් තොරව සේවයට වාර්තා නොකළ ත්‍රවිධ හමුදා සාමාජිකයන් සදහා නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීමට ආරක්ෂක අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත්කරන ලද පොදු සමා කාලය තුළදී 14.000කට ආසන්න පිරිසක් හමුදා සේවයෙන් ඉවත්ව ගොස් ඇති බව ආරක්ෂක අමත්‍යාංශය සදහන් කරයි.

ඊයේ (13) නිමා වූ පොදු සමා කාලය තුළදී මෙලෙස යුද හමුදාවේ 12347ක්, නාවික හමුදාවේ 756ක්, ගුවන් හමුදාවේ 544ක් සන්නද්ධ සේවාවලින් ඉවත්ව ගොස් ඇති බව සදහන් වේ.

මෙම පොදු සමා කාලසීමාව ඉක්ම යාමෙන් අනතුරුව මෙතෙක් සේවයට වාර්තා නොකර සිටින පිරිස් අත්අඩංගුවට ගැනීමට සහ නීත්‍යානුකූලව ක්‍රියා කිරීමට කටයුතු කෙරෙනු ඇති බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

මුලාශ්‍රය රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශය

Related posts

ෂරියා නීතියෙන් නැගෙනහිර 22ක් මරා වල දමයි..

colombotoday

රාගම බ‍්‍රවුන්ස් මෙල්ස්ටා රෝහල වසා දමයි

colombotoday

ජලාශ රැසක වාන් දොරටු ඇරේ

colombotoday

නව ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේදීම පරදන්න සූදානම්.. තීරණාත්මක මොහොතේ ශ්‍රීලනිප සහය !!

colombotoday

අනුර ඇතුළු මාලිමාවේ පිරිසකට අධිකරණ නියෝගයක්

Admin

ඝාතන කුමන්ත්‍රණය ගැන ශෂී විරවංශගෙන් ප්‍රශ්න කරන්න යයි…

colombotoday