Colombo Today Local News

සෙල්ලකතරගමදී ප්‍රවාහනය කරමින් තිබූ ගංජා ග්‍රෑම් 25,000ක් අල්ලයි

සෙල්ලකතරගම ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමක දී ත්‍රීරෝද රථයකින් ගංජා ප්‍රවාහනය කරමින් තිබූ ග්‍රෑම් 25,000 ක් සුරාබදු මත්ද්‍රව්‍ය නාශක කාර්‍යාංශයේ නිලධාරීන් භාරයට ගෙන තිබේ.

ත්‍රි රෝද රථයේ සිටි සැකකරුවන් 03 දෙනෙකු එම අවස්ථාවේ පලාගොස් ඇති අතර ත්‍රීරෝද රථයද එම නිලධාරීන් භාරයට ගත් බවයි ශ්‍රි ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව කළේ.

භාරයට ගත් ගංජා තොගයේ සිල්ලර වටිනාකම රුපියල් අටලක්ෂ හැත්තෑපන්දහසක් ( 875,000/= ) පමණකි.

ත්‍රීරෝද රථයේ වටිනාකම රුපියල් හත් ලක්ෂයක් ( 700,000/= ) පමණ වන අතර සියලු භාන්ඩ වල වටිනාකම පහලොස් ලක්ෂ හැත්තෑපන්දහසක ( 1,575,000/= ) පමණ අගයක් ගන්නා බව වැඩි දුරටත් සදහන් කළේය.

Related posts

එජාප අපේක්ෂකයා දිණුවයි කියා ආධාරකරුවෝ ජය සමරති.. හූ තබමින් මහ පාරේ යකා නටති (Video)

colombotoday

පුතු බේරාගැනීමට අල්ලස් දෙන්න හැදූ පියා අත්අඩංගුවට

colombotoday

මංගල සමරවීර මෙවර මැතිවරණයෙන් ඉවත් වෙයි. ඡන්ද නාමලේඛනයේ තම තිබුනට ඡන්දය එපා කියයි.

colombotoday

හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානියාගෙන් පැය 152කට අධික කාලයක් ප්‍රශ්න කරයි

colombotoday

පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන්න | ශ්‍රී ලංකා රජය දෙමළ ජනතාවගේ ගැටළුවලට විසදුම් සපයමින් සංහිදියා ක්‍රියාවලිය ඉදිරියට ගෙන යා යුතුයි.- ඉන්දියාව

colombotoday

කොරෝනා ආසාදිත විජමු අයි.ඩී.එච් දැඩි සත්කාර ඒකකයට

colombotoday