Colombo Today Local News

කොවිඩ් සිරුරු භුමදානයට ඉරණතිව් දුපත තෝරාගැනීම ජාතිවාදයක් ඇතිවිය හැකි – රවුෆ් හකීම් කියයි

කොරෝනා වෛරසය ආසාදනය වී මිය යන මුස්ලීම් ජාතිකයින්ගේ මෘතදේහ භුමිදානය සඳහා කිළිනොච්චිය ඉරණතිවු දුපත තෝරා ගැනීමේ තිරණය මගින් ජාතිවාදයක් ඇතිවිය හැකි යැයි ශ්‍රී ලංකා මුස්ලීම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් සඳහන් කරයි.

ඔහු මේ බව පැවසුවේ කොරෝනා වෛරසය වැළදී මිය යන පුද්ගලයින්ගේ මෘතදේහ භූමීදානය සඳහා කිළිනොච්චිය ඉරණතිවු දුපත තෝරා ගත් බවට අද (02)දින කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදි කෙහෙළිය රඹුක්වැල්ල මහතා කළ දැනුම්දීම පිළිබඳව ප්‍රතිචාර දක්වමිනි.

හකිම් මහතා පෙන්වා දෙන්නේ මෙම තීරණය මගින් කොරෝනා මරණ භූමදානය සම්බන්ධයෙන් රජය මීට පෙර ගෙන තිබු ස්ථාවරය නිවැරදි යැයි පෙන්වීමට උත්සහා ගෙන ඇති බවයි.

දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා රජයේ මෙම තීරණය පිළිබඳව ප්‍රතිචාර දක්වමින් සඳහන් කර ඇත්තේ එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු දඩයම් කිරීමේ අරමුණින් ආණ්ඩුව ඉරණතිව් දුපත හදුන්වා දී ඇති බවත් දෙමළ ජනතාව මේ සම්බන්ධයෙන් ඉතා අවබෝධයෙන් කටයුතු කළ යුතුව ඇති බවත්ය.

Related posts

ලංකාව අවදානම් රටක් ලෙස නම් කෙරේ… ලොව ආපදා බහුලම රටවල් අතර සිව්වැනි තැනට

colombotoday

පෞද්ගලික බස් ධාවනය පහතට

colombotoday

ග්ලයිපොසෙට් තහනම ඉවත් කිරීම ගැන ජනපති දන්නෙ නැතිලු…

colombotoday

විදෙස් ගත ලාංකික ශ්‍රමිකයින් 40ක් කොරෝනා රෝගයෙන් මරුට

colombotoday

ඥානසාර හිමි විනාශ කිරීමේ “සිවූරෙන් බෙල්ල කැපිල්ල” කුමන්ත්‍රණය එලියට

colombotoday

සිරකරුවන් 557කට ජනපතිගෙන් නත්තල් තෑගි

colombotoday