Colombo Today Local News

ප්‍රාදේශීය සභා දෙකක සභාපතිවරුන්ගේ සේවය අත්හිටුවයි

වැලිකන්ද සහ රඹෑව ප්‍රාදේශීය සභාවල සභාපතිවරුන් දෙදෙනාගේ සේවය තාවකාලිකව අත්හිටුවා තිබේ.

ඒ, උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රයකිනි.

ඔවුන් දෙදෙනාට එරෙහිව එල්ල වී ඇති චෝදනා විමර්ශනය කරන තෙක් එලෙස සේවය තාවකාලිකව අත්හිටුවන බව ගැසට් නිවේදනයේ සඳහන් වේ.

ඒ අනුව වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ සභාපති කවිදු අබේසූරිය සහ රඹෑව ප්‍රාදේශීය සභාවේ සභාපති අජිත් ප්‍රසන්න තෙන්නකෝන් යන මහත්වරුන්ට එරෙහිව චෝදනා විමර්ශනය කිරීම සඳහා විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු සමන් වික්‍රමආරච්චි මහතා පත් කර ඇති බව ද එම ගැසට් නිවේදනයේ සඳහන් ය.

වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ කාර්යයන් ඉටු කිරීමේ බලතල පොළොන්නරුව පළාත් පාලන සහකාර කොමසාරිස්වරයාට පවරා ඇති අතර රඹෑව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ බලතල පවරා ඇත්තේ එහි උපසභාපතිවරයාටයි.

Related posts

මුතුහෙට්ටිගමට ඇප

Admin

දුෂිත විදුලි නියාමන කොමිෂන් සභාව ගැන සොයා බලන්න – පාරිභෝගිකයන් සුරැකීමේ ව්‍යාපාරය

colombotoday

ඉස්ලාම් සමූහයකට අයත් බැංකු ගිණුම් තහනම් කරයි. Islam Defenders Front සංවිධානයත් ඒ අතර.

colombotoday

රවීගේ මුදල් ඇමතිකම චම්පිකට !!

colombotoday

පුද්ගලික බස් රථයක හදිසි ගින්නක්

colombotoday

අභ්‍යවකාශ කසල ගොඩක් ලංකාවට කඩා වැටෙයි.

colombotoday