Colombo Today Local News

බස්නාහිර පළාතේ මාළු වෙළෙඳාම් ස්ථානවලත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව

බස්නාහිර පළාතේ මත්ස්‍ය අලෙවි ස්ථානවල සිදුකළ අහඹු ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණවලින් තිදෙනෙකු කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් බවට තහවුරු වී තිබේ.

ඊයේ (01) දිනයේ දී එම පරීක්ෂණ සිදුකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා,

“බස්නාහිර පළාත ආශ්‍රිතව තිබෙන මාළු ලෑලිවල එසේත් නැතිනම් මාළු වෙළෙඳාම කරන ස්ථානවල රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සිදුකරනවා. විශේෂයෙන් බස්නාහිර පළාත ආශ්‍රිතව මහා පරිමාණ මාළු වෙළෙඳාම් කරන ස්ථාන 581 තිබෙන බවට හඳුනා ගෙන තිබෙනවා. මේ වන විට 157 දෙනෙක් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට ලක්කර තිබෙනවා. ඊයේ දිනයේත් පෙරේදා දිනයේත් මේ සියලු පරීක්ෂා මඟින් තිදෙනෙක් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගෙන තිබෙනවා. ඔවුන්ගේ ආශ්‍රිතයින් හඳුනාගෙන තිබෙනවා. විශේෂයෙන් බස්නාහිර පළාත තුළ පිහිටි මත්ස්‍ය හා එළවළු වෙළෙඳාම් කරන ස්ථාන විවිධ තොග වෙළෙඳ ස්ථාන හා පොළ නිරන්තරයෙන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සිදුකිරීමට නියමිතව තිබෙනවා.”

Related posts

සීතල පුටවල උදම් අනමින් සිටියදී ත්‍රස්තවාදීන් ගිනි පුපුරු අළු අතරින් මතුවනවා – සරත් ෆොන්සේකා කියයි

colombotoday

ඉන්දියානු අපනයන – ආනයන බැංකුවෙන් කෙටි කාලීන ණය මාලාවක් ගන්න කැබිනට් අනුමැතිය

colombotoday

විදෙස්ගත ලාංකික ශ්‍රමිකයින් 142ක් කොවිඩ් ආසාදිතව මිය ගිහින්

colombotoday

නිදහසට කාරණා වැඩක් නෑ… වෙන රටකනම් රොත්ත පිටින්ම ඉල්ලා අස්වෙනවා – ‍ෆොන්සේකා ආණ්ඩුවේ රෙදිපිළි ගලවා දමයි…

colombotoday

අධ්‍යාපනය ක්‍රමය ඔන්ලයින් යුගයට ගැලපෙන පරිදි ප්‍රතිසංස්කරණය විය යුතුයි.

colombotoday

ධීවර යාත්‍රා 30ක් ඉන්දුනීසියානු මුහුදු ප්‍රදේශයට ගසාගෙන යයි

colombotoday