Colombo Today Local News

පළාගිය කොවිඩ් ආසාදිත රැඳවියන්ගේ ඡායාරූප මෙන්න..

පළාගිය කොරෝනා ආසාදිත රැඳවියන්ගේ ඡායාරූප කිහිපයක් පොලිසිය විසින් නිකුත් කර තිබෙනවා.

පසුගියදා පොළොන්නරුව ගල්ලෑල්ල විද්‍යාපීඨයේ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියන් 5 දෙනෙකු පළාගිය අතර ඉන් එක් අයෙකු සොයා ගනු ලැබුවා.

ඒ අනුව අනෙක් ආසාදිතයන් සම්බන්ධයෙන් යම් තොරතුරක් ඇත්නම් ළගම පොලිස් ස්ථානයට හෝ 0718591233 අංකයෙන් පොළොන්නරුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට හෝ පොලිස් හදිසි ඇමතුම් අංශයේ 119 අංකයට දැනුම්දෙන ලෙස පොලිසිය මහජන සහාය පතනවා‍.

පළාගොස් ඇත්තේ නාරම්මල කරගහගෙදර ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි දඹල්ලගේ බුද්ධික විමලරත්න, මාරවිල පරුෂපාර ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි විජේසූරිය ආරච්චිගේ හරිත කැලුම් අප්පුහාමි, බොරලැස්ස ජයමාවත පාර පදිංචි 36 හැවිරිදි පී.කේ සුමිත් පුෂ්පකුමාර සහ වයික්කාල අංගම්පිටියේ පදිංචි 52 හැවිරිදි නිමල් වසන්ත නොහොත් ගැටයා නම් සැකකරුවන් පිරිසක්.

Related posts

නවසීලන්තයෙත් රජයට එරෙහිව විරෝධතා

colombotoday

සිංහලයගෙ කොන්ද කඩන මේ පනත හුස්ම ගියත් සම්මත කරන්න ඉඩ දෙන්නෑ – ඤාණසාර හිමි

colombotoday

CCTV මගින් හකීම්ගේ සමීප ආශ්‍රිතයින් සොයයි

colombotoday

බේරුවල ඉස්ලාම් දේවස්ථානයක 3000ක් රැස්කර දානයක්. | පොලීසිය හා සෞඛ්‍ය අංශ නවතා දමයි.

colombotoday

රණවිරුවන් වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂය NGOවක් අරඹන්න යයි

colombotoday

ඩොලරය තවත් පහළට

Admin