Colombo Today Local News

20 ගේන්නේ රට අරාජික කළ ජනතාවට එපා වූ 19 ඉවත් කරන්නයි.. අගමැති මහින්ද කියයි

20 වැනි සංශෝධනය ගෙන එන්නේ රට අරාජික කළ ජනතාවට එපා වූ 19 වැනි සංශෝධනය ඉවත් කිරීමට බව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (21) දින පාර්ලිමේන්තුවේදී පැවැසීය.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බව අවධාරණය කළේය.

පාර්ලිමේන්තුවට ලැබූ ජනවරම තුළ ජනාධිපති ශක්තිමත් කිරීමේ ප්‍රාර්ථනාව තිබෙන බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යතුමා, ඒ නිසා ජාතික ආරක්ෂාව තහවුරු කරන 20 වැනි සංශෝධනය ගෙනවිත් රට අරාජික කරන 19 වැනි සංශෝධනය පරාජය කරන බව පෙන්වා දුන්නේය.

20 වැනි සංශෝධනය ගෙන එමින් රජය සූදානම්වන්නේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තවදුරටත් පවත්වාගෙන යාමට නොවන බව කී අග්‍රාමාත්‍යතුමා චිරාත් කාලයක් මුළුල්ලේ මේ රටේ ජනතාව බලාපොරොත්තු වුණ ජාතිය ගොඩනගන නව ව්‍යවස්ථාවක් ඉක්මනින්ගෙන එන බවට විශ්වාසය පළ කළේය.

Related posts

කල්මුනේ පාසල් හෙට සිට සතියක් වැසේ

colombotoday

හූනියමක් කරන්න තරුණයින් තිදෙනෙක් මවකගේ ඔළුව ගලවලා

Admin

විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ ගමගේ අභාවප්‍රාප්ත වෙයි

colombotoday

මන්නාරම, සිලාවතුර නාවික කදවුරේ ඉඩම් ඉල්ලා සත්‍යග්‍රහයක්…

colombotoday

උතුරේ කොටි සැමරුමට සිවාජිලිංගම් අවසර ඉල්ලයි

colombotoday

ETI ෆයිනෑන්ස් සහ ස්වර්ණමහල් අධ්‍යක්ෂවරුන්ට එරෙහිව අපරාධ පරීක්ෂණයක් ?

colombotoday