Colombo Today Local News

20 සංශෝධනයෙන් රට යන්නේ ආපස්සටයි. අපට වූ පොරොන්දු ඉටු කර නෑ.. – ශ‍්‍රීනිපය කියයි

20 වන ආණ්ඩුකුම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් සිදු වන්නේ රට ආපස්සට යාමක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කරයි.

මැතිවරණයට පෙර පොදුජන පෙරමුණ සමග එකඟ වූයේ පොරොන්දු ඒ ආකාරයෙන්ම ඉන්පසුව ඉටු නොවූ බව ඔහු පවසයි.

අද ඇතැම් ඇමතිවරුන් තම පාක්ෂිකයන්ට කෙනෙහෙලිකම් කරමින් සිටින බවද ශ‍්‍රීලනිප නායකයාට අපහසු උපහාස කරන බවත් ඔහු පැවසීය.

පාස්කු ඉරිදා ප්‍රශ්නය මුල්කරගෙන පක්‍ෂ නායකයා අත්අඩංගුවට ගැනීමට උවමනාය යයි පවසන බවත් ඔහු කියා සිටියේය.

සන්ධානයක් තුල කටයුතු කරද්දී පාර්ශවයන්ට සාධාරණය විය යුතු බවත් අද ශ‍්‍රීලනිප පාක්‍ෂිකයන් බොහෝ කණස්සල්ලෙන් සිටින බවත් ඔහු පැවසීය.

මහනුවර දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ අදහස් පල කරන ලදී.

Related posts

ජාතික රෝහලේ සුළු සේවකයෝ විරෝධතාවයක

colombotoday

වෙරළබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

Admin

පොහොට්ටුවට අයිතියක් නෑ රට පාලනය කරන්න

colombotoday

මැතිවරණ විශේෂ විධි විධාන පනත ගැසට් කෙරේ

Admin

ගෝඨාභයට එරෙහි නඩුවේ නීතිමය පදනමක් නෑ

colombotoday

ඊශ්‍රායල් – පලස්තීන ගැටුමට ක්ෂණික මැදිහත්වීමක් කරන්නැයි ඉල්ලමින් පාර්ලිමේන්තු කල්තැබීමේ විවාදයක්

Admin