Colombo Today Local News

20 සංශෝධනය ගවුම් ඇඳන් විපක්ෂයට මඩ ගහන ඉරාජ් වීරරත්න ලියපු එකක් වගේ

” ‘සෞභ්‍යාගයේ ආණ්ඩුවේ’ විධායක, ව්‍යවස්ථාදායක හා අධිකරණ බලයට පිටින් ‘මුදල් බලය’ කියලා වෙනම බල ව්‍යුහයක් ගොඩනැගී තියෙනවා. තමන්ගේ කැමැත්තට මුදල් වියදම් කරන්නට, නාස්ති කරන්නට තිබෙන ලැදියාව, කෑදරකම කොච්චර ද කියනවා නම්, විගණන කොමිසම ඉවත් කරලා, ප්‍රසම්පාදන කොමිෂන් සභාව වහලා දාලා, රටේ මුදල් වැය කරන හැටි ගැන සොයන්නට, විමසන්නට, පරීක්ෂා කරන්නට තියෙන සියළු මාවත අවහිර කන්නට 20 ව්‍යවස්ථා සංශෝධනයෙන් ආණ්ඩුව උත්සහ කරනවා” යැයි මාතලේ පාර් ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න මහත්මිය රත්තොට දී පැවසුවාය.

කබරගල වත්තේ දී පැවති උත්සවයක් අමතමින් කවිරත්න මන්ත්‍රීවරිය පැවසූවේ, ” 20 වන සංශෝධනයෙන් අගමැති, කැබිනට් මණ්ඩලය සතු බලය ‘අලියා දිවුල ගිල්ලා වගේ’ ජනාධිපතිවරයාගේ බඩට යවන්න උත්සහ කරනවා. අගමැතිවරයාට ඔය කැබිනට් එකේ ඇමතිවරුන්ට කට අරින්න වෙන්නේ තේ බොන්න විතරයි. අධිකරණ සේවා කොමිෂන් සභාවට ජ්‍යෙෂ්ඨත්වයට පිටින් සමාජිකයෝ පත් කලාම සිදුවන විනාශය හිතාගන්නටවත් බැරි වේවි. “

” ඒ විදිහට පාර් ලිමේන්තුව, අධිකරණය කුඩු පට්ටම් කරලා දාලා, රටේ මුදල් තමන් කැමති විදිහට පාවිච්චි කරන්න ආණ්ඩුව උත්සහ කරනවා.

විගණන කොමිසම, ප්‍රසම්පාදන කොමිසම වහන්නේ අන්න ඒ නිසයි. මැතිවරණ කොමසාරිස්ට බලය ලැබුණු 104 උඋ වගන්තිය ඉවත් කරලා, මැතිවරණ කොමිසමේ සභාපති ලොකු පඹයෙක් කරන්න හදනවා.

මැතිවරණ කොමිසමේ නියෝග/උපමාන උල්ලංඝනය කරන රාජ්‍ය සේවකයෙකුට රු. ලක්ෂයකට දඩයක් ගහන්න, වසර 3 ක සිර දඩුවමක් දෙන්න දැන් පුළුවන්. මැතිවරණ නිදහස් හා සාධාරණව තියන්න, පෝස්ටර්, කටවුට් නීතිය ක්‍රියාත්මක කරන්නත් පුළුවන් වුණේ ඒ නිසයි. මගේ ගෙදර ගහලා තිබුන කටවුට් එකක් ගිය ඡන්දේ දී කැපුවා. දැන් මේ නීති ඉවත් කරන්නට උත්සහ කරන්නේ කාගේ උවමනාවට ද? බඩු බෙදන්න, රජයේ වාහන ටික ඡන්දෙට පාවිච්චි කරන්න නේද? කියා මම රත්තොට ජනතාවගෙන් අහනවා. “

” ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වගන්තියෙන්, ජනාධිපති ‘නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය සහාය ලබාදිය යුතුය’ කියලා කියනවා. මේ වගන්තියට ඉවත් කරලා තියෙනවා. මේක හරියට ගවුම් ඇඳන් විපක්ෂයට මඩ ගහන ඉරාජ් වීරරත්නගේ සිංදුවක් වගේ. ලියපු කෙනෙක් නෑ. හදපු කෙනෙක් නෑ. කාව හරි විනාශ කරන්න හදපු ‘මඩ බාල්දියක්’ “යැයි ද කවිරත්න මන්ත්‍රීවරිය පැවසුවාය.

Related posts

උතුරේ කොටි පවුල් නඩත්තුවට රජයෙන් මිලියන 25ක් !

colombotoday

රාජගිරියේ අනතුර- නඩුවේ ඉදිරි පියවර සලකා බැලීම සැප්තැම්බර් 17 වනදා

colombotoday

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 20ක් දිවයිනට

colombotoday

ජනපතිවරණ ජය ගෝඨාභයටයි… සජිත් මන්දගාමීයි – විදෙස් මාධ්‍ය කියයි !

colombotoday

රනිල් බේරගන්න සල්ලි බෙදන ඇමැති කවුද? විමල් පාර්ලිමේන්තුවේදී හෙළි කරයි (Video)

colombotoday

මුස්ලිම් ජනතාවට විරුද්ධ ජාතිවාදයක් ගැන සජිත් ප්‍රේමදාස අමුතු ඉංග්‍රීසියකින් ලොවට කියයි

colombotoday