Colombo Today Local News

කොරෝනා පැණිය හදපු ධම්මික බණ්ඩාර අල්ලන්න පරීක්ෂණ.

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයකුට පහරදී තර්ජනය කිරීමේ සිද්ධියකට අදාළව කෑගල්ලේ ධම්මික කපු මහතා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පේරාදෙණිය පොලිසිය පවසයි.

මෙලෙස පහරකෑමට ලක්ව ඇතැයි කියන වෛද්‍යවරයා පේරාදෙණිය පොලිසිය වෙත ඉදිරිපත් කර ඇති පැමිණිල්ල කෑගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මගින් කෑගල්ල පොලිසිය වෙත යොමුකර ඇතැයි මහනුවර කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියකු පැවසීය.

මීට සතියකට පමණ ඉහතදී කෑගල්ලේ ධම්මික කපු මහතාගේ නිවෙසට ගිය බවත්, එහිදී කපු මහතා තමාට බැණ වැදී තර්ජනය කරන්නට පටන් ගත් බවත්, ඉන් අනතුරුව තමාට පහර දුන් බවත් අදාළ වෛද්‍යවරයා කරන ලද පැමිණිල්ලේ සඳහන්ය.

මෙම සිද්ධියට අදාළව කෑගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත කෑගල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Related posts

ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

colombotoday

තැපැල් ඡන්ද භාවිත කිරීමට අදත් අවස්ථාවක්

colombotoday

කිඹුලාවල Street Food අලෙවිසැල් ඉවත්කරගන්න කියයි

Admin

ප්‍රංශයේ ඉහළම ගරු සම්මානයෙන් චන්ද්‍රිකා පුදයි…

colombotoday

කිරුළපණ මැයි රැළියට මහින්දගේ පැමිණීම ස්ථීරයි

colombotoday

රෑ 9.00ට එන විශ්වාසභංග ඡන්ද විමසීමේ අවසන් ප්‍රතිඵලය මෙන්න !

colombotoday