Articles

20 ඕනේ කාටද ?

මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ මහත් කතාබහට ලක්ව ඇති උණුසුම් මාතෘකාවක් ලෙස 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හැදින්විය හැකිය. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සදහා සංශෝධන 19ක් පමණ සිදුකොට ඇති අතර එකී සංශෝධන බහුතරයක් සිදු වී ඇත්තේ එක් එක් ආණ්ඩු විසින් තීරණය කරන ලද දේශපාලන අවශ්‍යතා මත වීම විශේෂ සිදුවීමකි.ඉන් සංශෝධන කිහිපයක් පමණක් රටේ සමාජ අවශ්‍යතාවයන් මත සිදු වුවද බහුතරයක් සිදුව ඇත්තේ එක් එක් ආණ්ඩුවල නායකයන්ගේ බල දේශපාලන ව්‍යාපෘතියක් සදහා වීම අපිට දකින්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණයකි.

මෙවර 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට මුලික  වී සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණ වීම සුවිශේෂී කාරණාවකි.ඔවුන් මෙයට මුලික සටන් පාඨය බවට පත් කරගෙන සිටින්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම බව පැහැදිලිය.

1978 දී මෙරට ඇති කරන ලද විධායක ජනාධිපති ක්‍රමය විවිධාකාරයේ විවේචන හා දිරිගැන්වීම් සමග මේ වනවිට අවුරුදු හතලිහක තරම් කාලයක් ඉදිරියට ගමන්කොට තිබේ.රටේ ඒකීයභාවය හා අනෙකුත් නෛතික බලතල සම්පුරණ වශයෙන් මෙම විධායක ජනාධිපති ධුරය වටා ගොනු වූ අතර ඊට යම් හෝ බලපෑමක් ඇතිවූවා නම් ඒ 1987 ජුලි 29 වැනිදා අත්සන් තැබුණු ඉන්දු ලංකා ගිවිසුම මගින් ස්ථාපනය කරන ලද පළාත් සභාව නිසාය.

13 වන සංශෝධනය ඉන්දියාවේ නිෂ්පාදිත සංකල්පයකි. එයින් එතෙක්‌ ඒකීය රාජ්‍යයක්‌ ලෙස පැවතුනු අපේ රට බොහෝ දුරට පෙඩරල් රාජ්‍යයක්‌ බවට පත්විය. එසේ වුණේ ලංකාව පළාත් නවයකට බෙදා සෑම පළාතකම පළාත් ආණ්‌ඩුවක්‌ ස්‌ථාපිත කොට එතෙක්‌ මධ්‍යම රජය පමණක්‌ සතු වූ ව්‍යවස්‌ථාදායක බලයේ සහ විධායක බලයේ යම් ප්‍රමාණයක්‌ පළාත් ආණ්‌ඩුවලට ද ලබාදීම නිසා ය. මෙම සංශෝධනයෙන් පළාත් ආණ්‌ඩුවට පමණක්‌ ක්‍රියාත්මක කළ හැකි විෂයයන් 37 ක්‌ද, මධ්‍යම රජයටත්, පළාත් ආණ්‌ඩුවටත් එක සේ ක්‍රියාත්මක කළ හැකි විෂයයන් 36 ක්‌ ද, (සමගාමී ලැයිස්‌තුව) අනුමත විය. එම විෂයයන් 73 තුළ පොලිස්‌ හා ඉඩම් බලතල ද වීම සුවිශේෂී කරුණකි.

මේ මගින් සිදු වුයේ උතුර සහ නැගෙනහිර පළාත් දෙක ඒකාබද්ධ කොට “දෙමළ නිජභූමිය” හෙවත් “ඊළම” ස්‌ථාපිත කිරීම සඳහා අවශ්‍ය කරන ප්‍රතිපාදන 13 ට ඇතුළත් වීමය. මහ ඇමැතිවරයාගේ සෘජු පාලනය යටතේ පළාත් පොලිසියක්‌ ස්‌ථාපිත කිරීම ද පළාත තුළ තිබෙන සියලුම රජයේ ඉඩම් පළාත් ආණ්‌ඩුව යටතට ගැනීම ද මින් සිදුවූ නමුත් මෙතෙක්‌ පත් වූ කිසිම ජනාධිපතිවරයෙක්‌ ඒ කිසිදෙයක්‌ කිරීම වළක්‌වාගෙන සිටියේ තමාගේ “විධායක” බලතල හේතුවෙනි. මෙහිදී පළාතක විධායක බලය මහ ඇමැතිගේ සහ පළාත් ඇමැති මණ්‌aඩලයේ උපදෙස්‌ පරිදි ආණ්‌ඩුකාරවරයා ක්‍රියාත්මක කළ යුතු වුව ද ආණ්‌ඩුකාරවරයා සිටින්නේ ජනාධිපතිගේ විධායක බලය නියෝජනය කරමින් පළාත් ඇමැතිට ඉහළින් ය.

ව්‍යවස්‌ථාවේ 154(4)2 වගන්තියට අනුව ආණ්‌ඩුකාරවරයා ජනාධිපතිවරයාගේ විධායක බලයට අනුව තම පළාත තුළ විධායක බලය ක්‍රියාත්මක කරන නිසා 13 න් ශ්‍රී ලංකාවේ ඒකීය බව නොනැසී රැකී තිබේ. කරුණු එසේ නම් 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක වෙද්දීම විධායක ජනාධිපති ධුරය අහෝසි කළ හොත්, රටේ ඒකීයභාවය නැසෙන බව  කිව යුතුද ?

ව්‍යවස්‌ථාවේ 3 වන වගන්තියට අනුව ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේ ය. එහි 76 වන වගන්තියට අනුව පාර්ලිමේන්තුව විසින් පාර්ලිමේන්තුවේ ව්‍යවස්‌ථාදායක බලය අත්නොහළ යුතු බව සදහන් වේ. කවර වූ ව්‍යවස්‌ථාදායක බලයක්‌ සහිත කිසිම අධිකාරියක්‌ පාර්ලිමේන්තුව විසින් නොපිහිට විය යුතුය. නමුත් 13 වැනි සංශෝධනයෙන් පාර්ලිමේන්තුව සතු ව්‍යවස්‌ථාදායක බලය  පළාත් සභාවට පවරා තිබේ. එය ජනතාවගේ පරමාධිපත්‍යය අන්සතු කිරීමක් නොවන්නේද. ඒ අනුව අප රටේ ව්‍යවස්‌ථාවේ 3 වන සහ 76 වැනි වගන්ති උල්ලංඝනය වී තිබෙන බව ඔවුන්ගේ මතයයි. එසේම අප ව්‍යවස්‌ථාවේ 4(ආ) වගන්තියේ සඳහන් වන්නේ ජනතාව සතු විධායක බලය ජනාධිපති විසින් ක්‍රියාත්මක කළ යුතු බවයි. 13 වැනි සංශෝධනයෙන් පළාත් පාලන ලැයිස්‌තුවේ සහ සමගාමී ලැයිස්‌තුවේ සඳහන් විෂයයන් සම්බන්ධ විධායක බලය පළාතේ මහ ඇමැති/ අමාත්‍ය මණ්‌ඩලයේ උපදෙස්‌ මත ආණ්‌ඩුකාරවරයා ක්‍රියාත්මක කරයි. එසේ ජනාධිපති සතු කර ඇති විධායක බලය ආණ්‌ඩුකාරවරයා හා පළාත් සභා අමාත්‍ය මණ්‌ඩලය වෙත පැවරීම ලංකාවේ පරමාධිපත්‍යය ජනතාව සතුය යන්න සඳහන් වන ව්‍යවස්‌ථාවේ 3 වැනි වගන්තියට පටහැනිවේ.

මේ කරණා සලකා බැලීමේදී අපට පෙනී යන්නේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැති නම් පළාත් සභා මෙසේ ක්‍රියාත්මක වන තත්වයක් තුල රටේ විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කළහොත් හෝ එම බලය තව දුරටත් බෙලහීන තත්වයට පත් කළහොත් රටේ මේ තිබෙන අරාජික භාවය තව තවත් වැඩි වී රට සම්පුර්ණයෙන් කඩා වැටෙන තත්වයකට පත් වන බවයි.රටේ දශක තුනක් පුරා පැවති යුධ බිය ත්‍රස්තවාදය සම්පුර්ණයෙන් ඉවත් කිරීමට ප්‍රධාන වශයෙන් බලපාන ලද්දේ මෙම විධායක බලතල බව අමුතුවෙන් මේ රටේ ජනතාවට කිව යුතු නොවේ.එසේ විධායක බලය සතු ජනාධිපතිවරයෙක් සේනාධිනායකයෙක් නොසිටින්න කවදාක හෝ මෙම ත්‍රස්තවාදය රටෙන් තුරන් කිරීමට පාර්ලිමේන්තුවේ සිටින ජාති බ්‍රෂ්ඨයන් ඉඩ නොදෙනු ඇත.

මේ මොහොත වන විට 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා ක්‍රියාත්මක වෙමින් පවතින්නේ රටේ ජාතික අවශ්‍යතාවයක් නොවන බව ඉතා පැහැදිලිය.විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කිරීම පිලිබදව රට තුල කිසිදු උත්ඝෝෂණයක් හෝ මැසිවිල්ලක් නොමැත.13 වැනි සංශෝධනය ගෙන එන ලද්දේ ඉන්දියානු අවශ්‍යතාව අනුව වන අතර මෙම 20 වැනි සංශෝධනයද එවැනිම රට පෙඩරල් කිරීමේ මුලික සැලසුමක ආරම්භයක් බව ඉතා පැහැදිලිව කිව යුතුය.මේ පිටුපස සිටින්නේ ඉතා ප්‍රබල රටට එරෙහි අධිරාජ්‍යවාදී සංවිධාන හා ඉන්දියානු ඔත්තු සේවා බව නම් ඉතා පැහැදිලිය.

මේ වන විට සමස්ත ශ්‍රී ලාංකික සංඝයා වහන්සේලාද මිට එරෙහිව නැගී සිටීමට තීරණය කොට ඇති අතර මෙම ජාති ද්‍රෝහී යෝජනාව උපන්ගෙයිම විනාශ කර දැමීම ජාතිය හමුවේ ඇති අභියෝගයකි.එදා පළාත් සභා ක්‍රමයක් රටට හදුන්වාදී රටට කල විනාශය අදත් මකා ගැනීමට අපි ජාතියක් ලෙස අසමත්ව සිටින මොහොතක තවත් රටේ බලය හා භුමිය බෙදා වෙන්කරන මෙවැනි සංශෝධන කුමකටද යන්න අපි ප්‍රශ්න කරන්නෙමු.

සියලු දේශමාමක බලවේග විසින් ජනතා විමුක්ති පෙරමුණ විසින් මේ මොහොතේ කරලියට ගෙන එමින් තිබේ.අවස්ථාවාදී බෙදුම්වාදී දෙමල ජාතික සන්ධානයේ අවශ්‍යතාවය තීරණාත්මක ලෙස ලාංකීය භුමිය තුල පරාජය කිරීමට මේ මොහොතේ අපි සියල්ලන් ජාතියක් ලෙස එක්විය යුතුය යන්න මගේ හැගීමයි.

කීර්ති දුනුවිල

 

 

 

 

 

 

 

 

Related posts

‘ජාතිවාදය’ අර්ථකථනය කරන්නැයි ඉල්ලා අගමැතිට යැවූ ලිපියට තවම පිළිතුරක් නෑ” හෑගොඩ විපස්සී හිමි

colombotoday

ISIS ප්‍රහාර හමුවේ නිරුවත්වන චැනල් 4 සහ රාජ්‍ය නොවන සංවිධාන

colombotoday

දරුවන් මතට යොමු කරන බිග් මැච්

colombotoday

අරාජිකවාදයද.. ජාතිකවාදයද.. අද රට හමුවේ තිබෙන්නේ මේ දෙක අතර තේරීමක්!

colombotoday

තලාක්, තලාක්, තලාක් නඩු තීන්‌දුව හා ලංකාවේ අනාගතය – 1 කොටස

colombotoday

ලංකාවට එරෙහි යුද්ධයේ අලූත්ම අවිය ‘සිංගප්පූරු ගිවිසුම’

colombotoday