Colombo Today Sports News

වියළි කහ කිලෝ 2,000ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දින තුනක් තුළ මන්නාරම, අච්චානකුලම්, නරුවිලිකුලම් සහ සවුත්බාර් යන වෙරළ ප්‍රදේශයන්හි සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙනවිත් තිබු වියළි කහ කිලෝ 2021 ග්‍රෑම් 400ක් තම භාරයට ගෙන තිබේ.

එම ජාවාරමට සම්බන්ධ සැකකරුවන් 06ක්, ඩිංගි යාත්‍රා 02 ක්, වෑන් රථයක් සහ ත්‍රීරෝද රථයක් ද නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

අච්චානකුලම් වෙරළ ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගත් මන්නාරම අරිප්පු ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් නිරෝධායනය සඳහා මන්නාරම මහජන සෞඛ්‍ය පරීක්‍ෂක වෙත භාරදීමට කටයුතු කර ඇති අතර, එම වියළි කහ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය රේගු කාර්යාලය වෙත භාරදී තිබේ.

නරුවිලිකුලම් වෙරළ තීරයේදී නාවික හමුදා භාරයට ගත් වියළි කහ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත්කරන තෙක් නාවික හමුදා භාරයේ ඇති අතර අද (01)දින සවුත්බාර් ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගත් කහ තොගය, සහ මන්නාරම ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් සිව්දෙනා (04), වෑන් රථය සහ ත්‍රීරෝද රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම පොලීසිය වෙත භාරදුන් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

Related posts

ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල මෙවරත් අවලංගුවන ලකුණු.

colombotoday

ටෙස්ට් පිලේ නායකත්වය ධනංජය ද සිල්වාට

Admin

ලංකාවේ තරග සංචාරයට ආ එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයෙකුට කොවිඩ්

colombotoday

පුහුණු උපදේශක මහේල යළි ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වෙයි

Admin

හොඳම ක්‍රීඩිකාව නාම යෝජනා ප්‍රකාශයට ඇතුලත් වූ ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව

Admin

MS ධෝනි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

colombotoday