Colombo Today Local News

මහා සංඝරත්නය ඇතුළු ධූත පිරිස රැගත් පළමුව ගුවන් යානය මෙරටින් කුෂිනගර් වෙත

ඉන්දියාවේ කුෂිනගර් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ විවෘත කිරීමේ අවස්ථාවට මෙරටින් වැඩම කරන මහා සංඝරත්නය ඇතුළු ධූත පිරිස අද(20) අලුයම දිවයිනෙන් පිටත්ව ගියේ ය.

ඒ යූ.එල් 1147 දරණ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් ය.

ඉන්දීය ආග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් කුෂිනගර් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අද විවෘත කිරීමට නියමිත ය.

ඒ අනුව ගුවන් තොටුපොළ විවෘත කිරීමේ අවස්ථාව සංකේතවත් කරමින් ශ්‍රී ලංකන් ගුවන් යානය පළමුව එහි ගොඩ බැස්වීමට සැළසුම් කර තිබේ.

මෙම ගුවන් ගමනට 111 දෙනෙකුගෙන් යුත් ධූත පිරිසක් සහභාගී විය.

ඒ අතරට සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය වෙඩරුවේ උපාලි අනුනාහිමියන් ඇතුළු ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ 95 නමක් ද ඇතුළත් ය.

මේ අතර වස්කඩුව රාජගුරු ශ්‍රී සුභූති විහාරස්ථානයේ තැන්පත් කර තිබූ කපිල වස්තුපුර ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ කුෂිනගර් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ආගමික වතාවත් සඳහා ඉන්දියාවට වැඩම කරවීම ද මෙහිදී සිදු කෙරිණ.

අමාත්‍ය නාමල් රාජපක්ෂ රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී.වී චානක, සිසිර ජයකොඩි යන මහත්වරුන් ද මෙම සංචාරය සඳහා එක්විය.

Related posts

මහබැංකු අධිපතිට එරෙහි කුමන්ත්‍රණය විපක්ෂ නායක සජිත් හෙලිකරයි.

colombotoday

අවිස්සාවේල්ල කර්මාන්තපුරයේ ශාලාවක ගින්නක්

Admin

වෙලේ සුදාට තොන්ඩුව- දිනය සහ වෙලාව ජනපති නියමයෙන්

colombotoday

තාවකාලික වීසා වලින් ඇවිත් ඉන්දීය දොස්තරලා මෙරට වෛද්‍ය සේවයේ

colombotoday

ගැබ්ගෙල පිළිකා නසන එන්නතක්

colombotoday

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ වැඩ අරඹයි

colombotoday