Colombo Today Local News

2009 සමස්ථ ලෝක ආර්ථිකය සෘණ වෙද්දී ධන ආර්ථික වර්ධනයක සිටි ලංකාවට අද සිදුවී ඇත්තේ කුමක්ද?

අද දින මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ගේ සහභාගීත්වයෙන් පැවැති මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස්.

2009 සමස්ථ ලෝක ආර්ථිකය සෘණ වෙද්දී ධන ආර්ථික වර්ධනයක සිටි ලංකාවට අද සිදුවී ඇත්තේ කුමක්ද?

ඉතිහාසයේ නොවූ විරූ අයුරින් රුපියල කඩා වැටෙන විට ආණ්ඩුවේ සමහරු කියන්නේ හරි ෂෝක්නෙ කියලා.  තවත් සමහරු කියනවා අපට කරන්න දෙයක් නෑ ඕවා ට්‍රම්ප්ගේ වැඩ කියලා.  ඇමෙරිකාවේ ට්‍රම්ප්ට පුළුවන් නම් තමන්ගේ මුදල් ඒකකය ශක්තිමත් කරන්න, අපේ ට්‍රම්ප්ලාට ඒක කරන්න බැරි ඇයි කියලා කරුණු දැක්විය යුතුයි.  2009  වසරේ අපි මිට වඩා ලොකු අර්බුදයකට මුහුණ දුන්නා. කොටි ත්‍රස්තාවාදීන් සමග අපි යුද්ධ කරණ අතරේ සමස්ථ ලෝක ආර්ථිකය සෘණ ගියා.  ඇමෙරිකාව බ්‍රිතාන්‍ය ප්‍රංශය වැනි ලෝක ආර්ථික බලවතුන් සෘණ ආර්ථික අගයක් වාර්තා කළා.  එජාපයේ ආදර්ශය වන සිංගප්පූරුවත් සෘණ ගියා.  නමුත් ලංකාව 3.5%ක ආර්ථික වර්ධනයක් වාර්තා කළා.  2009 වසරේ ධන ආර්ථික වර්ධනයක් වාර්තා කලේ රටවල් 26ක් පමණයි.  එයින් ප්‍රමුඛ රටක් ලංකාව.

සමස්ථ ලෝකයේම ආර්ථිකය පහලට ගලාගෙන යද්දි එදා ජනාධිපති ධූරය වගේම මුදල් ඇමති ධූරයත් දැරුවේ මහින්ද රාජපක්ෂ මැතිතුමා.  ඇමෙරිකාව එක්සත් රාජධානිය ප්‍රංශය සිංගප්පූරුව සෘණ වර්ධනයක් නම් සමස්ත ලෝකයත් සෘණ වර්ධනයක් නම් අපි විතරක් ධන වර්ධනයක් පෙන්වන්නේ කොහොමද කියලා අහන්න එතුමාටත් තිබුණා.  එහෙම නැතිනම් රටේ ණය බර 100% ඉක්මවා යෑමට සැලැස්වූ චන්ද්‍රිකා මැතිණියට සහ අගමැති රනිල්ට බැන බැන ඉන්න තිබුණා.  නමුත් එහෙම කලේ නෑ.  මුළු ලෝක ආර්ථිකයම පහලට ගලා බසින අතරේ මෙතුමා ලංකාවත් අරගෙන උඩු ගං බලා පිහිනුවා.ලෝකය යන අතට යන නායකයෙක් නොවෙයි මේ මොහොතේ රට ඉල්ලා සිටින්නේ උඩු ගං බලා පිහිනා අර්බුදයට මුහුණ දිය හැකි නායකයෙක්.

මුදල් ඒකකය ස්ථාවර කිරීමේ වගකීම නීතියෙන්ම පවරා තිබෙන්නේ මහ බැංකුවටයි.  නමුත් මහ බැංකුව මේ අර්බූදය පිළිබඳ ප්‍රකාශයක් වත් කරන්නේ නෑ.  රුපියල කඩා ගෙන වැටීම හමුවේ ඇමතිවරුන්ගේ සතුටත් මහ බැංකුවේ නිහඬතාවයත් නිසා රට බෙදන පෙඩරල් ව්‍යවස්ථාව සහ ආර්ථිකය කඩා වැට්ටවීම අතර සම්බන්ධයක් තිබෙන බවට අපට සාධාරණ සැකයක් මතු වෙනවා.

1997 වසරේ ඉන්දුනීසියානු රුපියා මේ වගේම කඩා ගෙන වැටුණා.  උදේ වැඩට යන විට බස් ගාස්තුව රුපියා එකයි නම් ගෙදර යන කොට රුපියා දෙකයි.  පසුව දා වැඩට යන විට රුපියා දෙකයි.  විනිමය අනුපාතය ඉහළ යන විට උද්ධමනය ඉහළ ගියා.  බඩු මිළ දරා ගන්න බැරිව ජනතාව කන්න නැතිව ගියා.

ඉන්දුනීසියාව බේරා ගන්න ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආධාර අරගෙන ආවා.  හැබැයි එක කොන්දේසියක් උඩ.  ඒ තමයි බෙදුම්වාදි යුද්ධයක යෙදී සිටින නැගෙනහිර තිමෝරයට වෙන් වී යෑමට ඉඩ දෙන්න ඕනි කියලා.  ජනාධිපති සුහර්තෝ ඒක බෑ කිව්වා.  මෙන්න බොලේ මෙතරම් දවසක් මව්බිම නැතිනම් මරණය කිව්ව ඉන්දුනීසියානු ජනතාව නැගෙනහිර තිමෝරයට වෙන් වෙන්න ඉඩ දීලා හරි අපට කන්න දීපල්ලා කියලා පෙලපාලි යනවා.

ශ්‍රී ලංකාවේ ආර්ථිකයත් කඩා වට්ටා, ජනතාව බඩගින්නට තල්ලු කරලා, පෙඩරල් ව්‍යවස්ථාව සම්මත කලොත් ජාත්‍යන්තර ආධාර ගන්න පුළුවන් කියන මතය හදලා, ජනමතවිචාරණයකදී කවදාවත් මේ රටේ ජනතාව ලවා බෙදාගන්න බැරි රට, බඩ ගින්නේ තබා බෙදා ගැනීමේ කුමන්ත්‍රණය මේක පිටිපස්සෙ තියෙනවා කියන එක අපි ඉතාමත්ම වගකීමෙන් ප්‍රකාශ කරනවා. ඉන්දුනීසියාව කැබලි වලට කැඩී ගිහිල්ලා අපට උගන්නපු පාඩම තමයි රුපියා එක රැකගත්තොත් රට රැකෙනවා රුපියා එක විනාශ වුනොත් රට කැබලි වලට කැඩෙනවා කියන එක. ලංකාවේ රුපියල් සම්බන්ධයෙන්ද ඒ පාඩම ඒ විදිහටම අදාලයි.

Related posts

ජනපතිගේ නිර්දේශය මුදල් ඇමති කුණු කූඩයට දමලා !

colombotoday

සයිටම් වගේ 10 ක් 15ක් රටට අවශ්‍යයි – බොදු බල සේනා

colombotoday

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩ කටුනායකදී අත්අඩංගුවට..

Admin

කොරෝනා නිසා මෙරට ආර්ථිකය සෘණ වේවි

colombotoday

මන්ත්‍රී පියල් නිශාන්ත මාධ්‍ය හමුවේ බොරු කියයි…

colombotoday

විදුලි ඉන්ජිනේරුවෝ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක

colombotoday