Colombo Today Local News

“ගුරුවරුන් නාවත් පාසල් පවත්වගෙන යන්න අපි දන්නවා’’

ඇතැම් ගුරුවරුන් හෙට සහ අනිද්දා පාසල් නොපැමිණියත් පාසල් නිසි පරිදි පවත්වාගෙන යෑමට සැලැස්මක් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.

කෙසේ වෙතත් ගුරුවරුන් ලබන 25 වෙනිදා පාසල්වලට අනිවාර්යයෙන්ම පැමිණෙනු ඇතැයි තමා විශ්වාස කරන බව පැවසූ අධ්‍යාපන ලේකම්වරයා යල්වෙල හිමියන්, ජෝශප් ස්ටාලින්,මහින්ද ජයසිංහ යන වෘත්තීය සමිති නායකයන් ගැන තමාට විශ්වාසයක් ඇති බවද ප්‍රකාශ කරයි.

ගුරුවරුන් සමග ආදරණීයව සහ සුහදශීලීව ගනුදෙනු කිරීමට සූදානම් බවද මහාචාර්යවරයා කියයි.

රාජකාරියට නොපැමිණෙන ගුරුවරුන්ගෙ නොවැම්බර් මස වැටුප නතර කරන බවට වයඹ ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වන මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කරන්නේ තමා ඇමැතිවරයා සමග සාකච්ඡා කර ඒ ගැන අදහසක් පළ කරන බවයි.

තමා ඒ ගැන කොල්ලුරේ මහතාගෙන්ද විමසන බව ඔහු වැඩිදුරටත් පවසයි.

Related posts

අලියාගෙන් වෙන්වූ මනෝ ගනේෂන් ඉනිමගේ නගී !

colombotoday

පාර්ලිමේන්තුව අවට උණුසුම් තත්වයක්… විරෝධතාකරුවන්ට කඳුලු ගෑස්-ජල ප්‍රහාර

colombotoday

ආණ්ඩුව පෙරළන ඒකාබද්ධ විපක්ෂ පෙරහැරට මං එකතු වෙනවා – රතන හිමි

colombotoday

බෝවෙන රෝගයක්‌ වගේ පිළිකා පැතිරෙනවා… හේතුව මෙන්න!

colombotoday

ඉදිරි සතියේ අධිකරණ කටයුතු සීමා කෙරේ

colombotoday

ප්‍රබල ජනබලයක් ඉදිරියට ආවොත් මේ ආණ්ඩුවට ඇපත් නෑ – ලාල් කාන්ත

colombotoday