Colombo Today Local News

එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිය අද ඇරඹේ – ජනපති හෙට සමුළුව අමතයි

එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරය අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21)දින ආරම්භ වෙයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට (22)දින සමුළුව ඇමතීමට නියමිතය.

මෙවර, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේ තේමාව, වනුයේ

  • කොවිඩ් -19 වෛරසයෙන් සුවය ලබා ගැනීම සඳහා බලාපොරොත්තු සහගත බව තුළින් ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය , තිරසර බව යළි ගොඩනැගීම , පෘථිවියේ අවශ්‍යතාවන්ට ප්‍රතිචාර දැක්වීම , මිනිසුන්ගේ අයිතිවාසිකම්වලට ගරු කිරීම සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය නැවත පණ ගැන්වීමයි. –

ලබන 23 වැනිදා දින පැවැත්වෙන ආහාර පද්ධති සමුළුවේදී සහ 24 වෙනිදා පැවැත්වෙන බලශක්තිය පිළිබඳ ඉහළ මට්ටමේ සංවාදයේදී ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදහස් දැක්වීමට නියමිතය.

Related posts

අන්තරේ පා ගමනේදී අත්අඩංගුවට ගත් සිසුන්ට ඇප

Admin

සියදිවි නසාගත් පොලිස් නිලධාරියා

Admin

‘ආශාවරී’ කණ්ඩායම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයට ප්‍රශ්නයක් නෑ

Admin

ගිං ගඟ පහළ නිම්නයේ ජල මට්ටම ඉහළට… කළුතර ප්‍රදේශ කිහිපයකට රතු නිවේදන

colombotoday

සම්බා – කැකුළු – නාඩු සහල් උපරිම මිල නියම කරයි

colombotoday

සියලුම ඉරිදා දහම් පාසල් අප්‍රේල් 26 දක්වා වසාදැමේ

colombotoday