Colombo Today Local News

නව ව්‍යවස්ථාවෙන් ෆෙඩරල් ගේන්න හදන වෑයම රාජපක්ෂලා කඩාකප්පල් කරන්න හදනවා – සම්බන්ධන්

tna sambandhan

උතුරු නැගෙනහිර ජනතාවගේ ප්‍රශ්නය විසදීම සදහා එකම විසදුම උතුරු නැගෙහිර ඒකාබද්ධ කර ෆෙඩරල් පාලනයක් ලබාදීම බවත්, තම එකම ඉල්ලීම එය බවත්, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා දෙමළ ජනතාවගේ ගැටළුවලට ස්ථීර දේශපාලන විසදුමක් ලබා ගැනීමට අවස්ථාව උදාවී ඇති බවත්, එය කඩාකප්පල් කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය උත්සහා දරන බවත් විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා පවසයි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එමින් උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ අර්බුදවලට විසදුම් ගෙන ආ හැකි බවට වත්මන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දැඩි විශ්වාසයකින් හා බලාපොරොත්තුවකින් පසුවන බවත්, ආණ්ඩුව හා එක්වී සිටින ඇතැම් මැති ඇමතිවරුන්, රාජ්‍ය සේවකයන් ඇතුළු පිරිසක් මහින්ද පාර්ශවය සමගින් එක්වී රජයේ සැළසුම් අවුල් කරන බවත්, මහින්ද පාර්ශවය විසින් මහනුවර සිට කොළඹ බලා ඒමට නියමිත ආණ්ඩු විරෝධි පාගමන එහිම එක් පියවරක් බවත් සම්බන්ධන් මහතා පවසයි.

ඔහු මේ අදහස් පළකර සිටියේ මන්නාරම ඥානෝදයම් ශාලාවේ 17 වනදා පැවති සම්මන්ත්‍රණයකදීය.

බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ සිට ජාතික ප්‍රශ්නයට විසදුම් සෙවිම සදහා තිබූ අවස්ථා දෙමළ නායකයින් පැහැර හැරි බවද, දෙමළ ජනයා සහ දෙමළ ජාතික සන්ධානයේ සහයෝගයෙන් පිහිටුවාගත් යහපාලන ආණ්ඩුව හරහා ජාතික ප්‍රශ්නයට විසදුම් සෙවීම සදහා ඉතා හොද අවස්ථාවක් උදාවී ඇති බවට විශ්වාසය පලකළ විපක්ෂ නායකවරයා එම ඉඩ ප්‍රස්ථාව නැති කර නොගන්නා ලෙස දෙමළ ජනතාවගෙන් ඉල්ලා ඇත.

අනතුරුව විපක්ෂ ඔහු මන්නාරම දිසාව භාර හිටපු රදගුරු රායප්පු ජෝශප් පියතුමාගේ සුවදුක් බැලීම සඳහා මන්නාරම රදගුරු නිවස වෙත ද ගියේය.

Related posts

“එක රණවිරුවෙක්වත් අපි හිරේ දාල නෑ.. මේක රණවිරුවන්ට ගෞරවය දෙන ආණ්ඩුවක්“ – මරික්කාර්

colombotoday

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ඔක්තෝම්බර් මාසයට අදාළ මුදල් හෙට ගිණුම් වලට

Admin

පැල්මඩුල්ලේ විහාරස්ථානයක් හා නිවාස දෙකක් නිරෝධායනයට

colombotoday

ජාතික ආදායමෙන් 38%ක් ධනවතුන්ට

colombotoday

මුහුදේ ගිලී දරුවෙක් අතුරුදන්

Admin

කොරෝනා වැළදුණු චීන කත නගර 9ක සංචාරය කරලා !

colombotoday