Colombo Today Local NewsHot News

ගෝඨාභය අත්අඩංගුවට ගැනීමට ඉහළම තැනක සැළසුම් !

gotabhayaපසුගිය සෙනසුරාදාට කලින් සෙනසුරාදා දිනයේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ නිවසේ හදිසි සාකච්චාවක් පැවැත්වී ඇත්තේ ජනාපති මෛත‍්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික‍්‍රමසිංහ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග, ඇමතිවරුන් වන චම්පික රණවක, රාජිත සේනාරත්න, සරත් ෆොන්සේකා සහ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, පොලිස් අපරාධි විමර්ශන ඒකකයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා අතරයි.

ජනාධිපතිවරයා සහ අගමතිවරයා සිටියද හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග විසින් ප‍්‍රධාන වශයෙන් මෙහෙයවනු ලැබූ මෙම සාකච්චාවේදී අවධානය යොමු කර ඇත්තේ FCID සහ CID විසින් කරමින් ඇති පරීක්‍ෂණවල ප‍්‍රගතිය හා ඊළඟට අත්අඩංගුවට ගත් හැකි වන්නේ කවුරුන්ද යන කාරණා ගැනයි.

එහිදී FCID සහ CID නියෝජ පොලිස්පතිවරුන් දෙදෙනා තමන් සතුව ඇති තොරතුරු එකින් එක විස්තර කර තිබේ. එම තොරතුරු බැසිල් රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගත හැකි යයි සලකමින් විමල් වීරවංශ මන්ත‍්‍රීවරයා ගැන කෙරෙන පරීක්‍ෂණ ගැන විමසා ඇත.

ඊට පොලිසිය පාර්ශවයෙන් ලැබී ඇති පිලිතුර නම් වීරවංශ මන්ත‍්‍රිවරයාට පොදු දේපල පනත යටතේ කුමක් හෝ චෝදනාවකට අත්අඩංගුවට ගත්තද සති කිහිපයකින් රිමාන්ඞ් කල හැකි වුවත් නඩුව අවසානයේ නිදහස් වී වරදක් ඇතොත් නිලධාරීන්ට දඬුවම් නියම වනු ඇති බවත්ය. එනිසා වීරවංශ මන්ත‍්‍රිවරයා වරදකරු කිරීමට තරම් ප‍්‍රමාණවත් සාක්‍ෂි මෙතෙක් ලැබී නැතැයිද සඳහන් කර ඇත.

ඉන් අනතුරුව ගෝඨාභය රාජපක්‍ෂ මහතා සම්බන්ධයෙන් වූ පැමිණිලි සම්බන්ධයෙන් අවධානය යොමු කරද්දී මිග් යානා ගණුදනුව සම්බන්දයෙන් ඔහු අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් ඇති බව සාකච්චා වී ඇත.

ලසන්ත වික‍්‍රමතුංග සහ ප‍්‍රගීත් එක්නැලිගොඩ ඝාතන පරීක්‍ෂණවල ප‍්‍රගතිය සම්බන්ධයෙන් විමසීමේදී පොලීසිය පාර්ශවයේ පිලිතුරු වී ඇත්තේ මෙම පරීක්‍ෂණ තවත් ඉදිරියට කරගෙන ගියහොත් ඒ දෙක සඳහාම ආණ්ඩුවේ ඇමතිවරුන් දෙදෙනෙකු සැකකරුවන් වනු ඇති බවයි.

පැය හයක පමණ කාලයක් මෙම සාකච්චාව පැවැත්වී ඇත.

උපුටා ගැනීම ෆේස්බුක්

Related posts

කොරෝනා ආසාදිත රෝගීන් ගණන 557 දක්වා ඉහලට.

colombotoday

ඇඳිරිනීතියෙන් පසු දුම්රිය යළි ධාවනයට සූදානම්

colombotoday

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරීන්ගෙන් ප්‍රකාශයක් ගනියි

colombotoday

පළාත් කිහිපයකට ඉදිරි පැය 36 තුළ තද වැසි

colombotoday

Video: බොදු බල සේනා දිවිසරණින් වැලිවිට ජනතාවට අස්වැසිල්ලක්

colombotoday

ෆාම් තෙල් ආනනයට ඉඩදී පොල් තෙල් ආනයනය තහනම් කල කැකිල්ලේ තීන්දු

colombotoday