Colombo Today Local News

2015-2018 යහපාලන වංචා දූෂණ හොයන්න ජනපතිගෙන් කොමිසමක්…

2015 ජනවාරි මස 15 වැනි දින සිට 2018 දෙසැම්බර් මස 31 වැනි දින දක්වා කාලය තුළ රජයේ ආයතනවල සිදුව ඇතැයි සැලකෙන දූෂණ, වංචා පිළිබඳ සොයා බැලීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කරනු ලැබ තිබේ.

මෙම ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වශයෙන් විශ්‍රාමික ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා කටයුතු කරන අතර, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන, විශ්‍රාමික විගණකාධිපති පස්දුන් කෝරලේ ආරච්චිගේ පේමතිලක, විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් ලලිත් ආර්. ද සිල්වා, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති එම්.කේ.ඩී. විජය අමරසිංහ යන මහත්ම මහත්මීහු එහි සෙසු සාමාජිකයෝ වෙති.

2015 ජනවාරි මස 15 වැනි දින සිට 2018 දෙසැම්බර් මස 31 වැනි දින දක්වා කාලය තුළ රජයේ ආයතනවල සිදුවී ඇතැයි සැලකෙන දූෂණ ක්‍රියා, වංචා. සාපරාධී ලෙස විශ්වාසය කඩ කිරීම්, දේපළ සාපරාධී පරිහරණය, රැවටීම සහ බලය හෝ අධිකාරය, රාජ්‍ය සම්පත් හා වරප්‍රසාද අනිසි ලෙස භාවිත කිරීම හෝ අවභාවිතය සහ එකී වරදවල් සහ වැරැදි ක්‍රියාවන්ගේ ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය වත්කම්වලට, රාජ්‍ය ආදායමට බරපතළ අලාභ හෝ හානි සිදු වී තිබීම ආදිය සම්බන්ධයෙන් දේශපාලන පදවි දැරූ හෝ තවදුරටත් දරමින් සිටින පුද්ගලයන්ට සහ රජයේ සේවකයන් හා ව්‍යවස්ථාපිත මණ්ඩලයන්හි නිලධාරීන් වශයෙන් සේවයේ නිරතව සිටි සහ තවදුරටත් සේවයේ නිරතව සිටින පුද්ගලයන්ට එරෙහි බරපතළ චෝදනා පිළිබඳව මහජන පැමිණිලි, තොරතුරු සහ සෙසු කරුණු කැඳවීම සහ ඒවා කඩිනම් අපක්ෂපාතී, පුළුල් විමර්ශනයකට ලක් කිරීම මෙම කොමිෂන් සභාවේ කාර්ය භාරයයි.

එබඳු වරදවල් සම්බන්ධයෙන් නීති ප්‍රකාරව වගකිව යුතුව සිටි හෝ වගකිව යුතු වන පුද්ගලයන් හඳුනා ගැනීම හා සාක්ෂි එක් රැස් කිරීමද මෙම කොමිෂන් සභාව හරහා සිදු වේ.

එහි පළමු අතුරු වාර්තාව මාස 03ක් ඇතුළතත්, නිගමනයන් හා නිර්දේශයන් ඇතුළත් අවසන් වාර්තාව මාස 06ක් ඇතුළතත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ඉදිරිපත් කිරීමට උපදෙස් දී තිබේ.

2015 ජනවාරි 08 වැනිදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත මේ රටේ හැට දෙලක්ෂ පනස් දහසක ජනතාව එක්ව ජනවරමක් ලබාදෙන ලද්දේ දූෂණය සහ වංචාව පිටුදැකීම සඳහායි.

ඒ වෙනුවෙන් සිය ධුර කාලය තුළ පියවර රැසක් ගත් ජනාධිපතිවරයා විසින් එහි තවත් පියවරක් ලෙස මෙම නව කොමිෂන් සභාව පත් කිරීමට කටයුතු කරනු ලැබීය. ‘දූෂණයෙන් තොර ශ්‍රී ලංකාවක්’ යන තේමාව යථාර්ථයක් බවට පත් කිරීමට මෙම පියවරද ඉවහල් වනු ඇත.

Related posts

යුක්රේන ආරක්ෂක ප්‍රධානියෙක් හදිසියේම දිවයිනට

colombotoday

ආදීවාසී නායකයා ඉදිරිපත් කල රිට් පෙත්සම සලකාබැලීමට දින නියම වෙයි

colombotoday

මහමැතිවරණයේදි නව රජයට තුනෙන් ‌දෙකක බලයක් දිමට ශ්‍රීලනිප ක්‍රියා කළයුතුයි – හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන කියයි

colombotoday

පාස්කු ඝාතකයන්ට සහය දුන් ජවිපෙ ඊබ්‍රහිම් යළි රිමාන්ඩ්…

colombotoday

නව විදේශ තානාපතිවරු දෙදෙනෙක් ජනපතිට අක්ත පත්‍ර බාර දෙති

colombotoday

දිය නාමින් සිටි ගැටව් දෙන්නෙකුට පී.සී ලිංගික අතවර කරලා

Admin