Colombo Today Local NewsTop Stories

අයවැයේදී ආණ්ඩුව පෙරලීම – විකල්ප අයවැයක් සැදීම PB ජයසුන්දරට පවරලා !

මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම් ආචාර්ය පි.බී. ජයසුන්දර මහතා මේදිනවල 2019 වර්ෂය සඳහා අයවැය ලේඛනයක් කෙටුම්පත් කරමින් සිටින බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ගයකින් ‘නිව්ස් ටියුබ්’ වෙත වාර්තාවේවාර්තා වෙනවා.

එම විකල්ප අයවැය ලේඛනය කෙටුම්පත් කරන්නේ ඉහල දේශපාලනඥයකුගේ ඉල්ලීම මත බවද පැවසේ.

මෙසේ විකල්ප අයවැයක් පිලිබඳ රාවයක් පැතිර යන්නේ, ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රීලනිප 15 දෙනාගේ කණ්ඩායම යහපාලන ආණ්ඩුවේ අයවැය පරාජය කිරීමට රහස් සාකච්ජා පවත්වමින් සිටින මොහොතක දීය.

මේ අතර මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර අමාත්‍යංශයේ ඉහල නිලධාරීන් සමග එක්වී මේවනවිට නොවැම්බර් 05 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා 2019 අයවැය ලේඛනය පිළියෙළ කරමින් සිටියි. කෙසේ වෙතත් මංගල සමරවීර අමාත්‍යවරයාගේ ආර්ථික දැක්ම සහ දැනුම පිළිබඳව මේ වන විට විවේචන එල්ල වෙමින් පවතී.

ඉන්දන මිල සුත්‍රය පිළිබඳව ජනපතිවරයා නොසතුටින් පසුවන බවත් අයවැයට පෙර එය හකුලා ගන්නා ලෙස මුදල් අමාත්‍යංශයට දන්වා ඒ පිළිබඳව සොයාබැලීම සඳහා විශේෂ කමිටුවක් පත්කර ඇති බවත් වාර්තා පලවී ඇත.

අය වැය යෝජනාවලිය නොවැම්බර් 05 දා ඉදිරිපත් කර දෙසැම්බර් 08 දා දක්වා පැවැත්විමට රජය මේවනවිට තීරණය කර තිබේ.

දින 26 ක කාලයක් අය වැය විවාදය පැවැත්වෙන අතර මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවිර විසින් නොවැම්බර් මස 05 දා සවස අය වැය කතාව ඉදිරිපත් කරන අතර පාර්ලිමේන්තුව පස්වරු 2.00 ට රැස්විමට නියමිතය.

නොවැම්බර් මස 07 දා සිට නොවැම්බර් මස 14 දා දක්වා අය වැය දෙවන වර කියවිමේ විවාදය පැවැත්වෙන අතර 14 දා සවස අය වැය දෙවනවර කියවිමේ ඡන්ද විමසිම පැවැත්වෙනු ඇත.

ඉන් පසු අමාත්‍යංශ වැය ශිර්ෂයන් පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්වේ. සෙනසුරාදා දිනයන්හිද විවාදය පැවැත්විමට නියමිතව ඇත.

දෙසැම්බර් 08 දා අය වැය අවසන් ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

 

පාර්ලිමේන්තුවේ සංයුතිය…

 

දේශපාලන පක්ෂයේ නම මැතිවරණයේ දී ලබාගත් ආසන සංඛ්‍යාව
එක්සත් ජාතික පක්ෂය 106
එක්සත් ජනතා නිදහස් සන්ධානය  95
ඉලංකෙයි තමිල් අරසු කච්චි 16
ජනතා විමුක්ති පෙරමුණ 6
ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය 1
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 1

 

 

Related posts

සූදු ගැසූ බදුල්ල ඩිපෝ සේවකයින් අත්අඩංගුවට

colombotoday

අමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් මෙරට සංචාරයක

Admin

පූජිත මහත්තයෝ.. ඔය යුනිෆොම් එක දෙන්න ළමයෙකුට..! – විමල්

colombotoday

නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කරනවාද? – තීරණය අනිද්දා

colombotoday

ශ්‍රී ලංකාව ලෝකයේ අඩුම නිෂ්පාදන පිරිවැයක් ඇති රටවල් 10 අතරට

Admin

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කතානායක හමුවෙයි

colombotoday