Colombo Today Local News

2021 අයවැය විවාදය දින 19 ක්

2021 වසර සඳහා වන අයවැය විවාදය දින 19 ක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.

පාර්ලිමේන්තුව නිවේදනය කළේ, ලබන 17 වැනි දා අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවය.

ඒ අනුව ලබන 18 වැනි දා සිට 21 වැනි දා දක්වා අයවැය දෙවන වර කියවීමේ විවාදය පැවැත්වෙන අතර ඒ පිළිබඳ ඡන්ද විමසීම 21 වැනි දා පස්වරු 5.00 ට සිදුවනු ඇති.

පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කළේ, ලබන 23 වැනි දා කාරක සභා අවස්ථාව පිළිබඳ විවාදය පැවැත්වෙන අතර එය දෙසැම්බර් 10 වැනි දා අවසන් වීමට නියමිත අතර එදිනම පස්වරු 5.00 ට ඡන්ද විමසීම පැවැත්වෙන බවයි.

Related posts

අන්තරේ කැදවුම්කරුට ඇප

Admin

පවතින ආපදා තත්වය පිළිබදව ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයි

colombotoday

ගිනි ගත් නෞකාවෙන් පීඩාවට පත් ධීවරයින්ට 5000ක වන්දය අද සිට

colombotoday

20 සංශෝධනයෙන් රට යන්නේ ආපස්සටයි. අපට වූ පොරොන්දු ඉටු කර නෑ.. – ශ‍්‍රීනිපය කියයි

colombotoday

කොළඹ දූවිල්ල පෙබරවාරි මැද තෙක්

colombotoday

මාලිගාවත්තේ මස්ජිත් පෙදසේ ධනවතෙක් මුදල් බෙදීමට ගොස් ඇතිවූ තෙරපිමකින් තිදෙනෙක් මරුට

colombotoday