Colombo Today Local News

කුවේට් එයාර්වේස් සමාගම ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් අත්හිටුවයි

කුවේට් එයාර්වේස් සමාගම එළඹෙන සතියේ ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් අත්හිටුවීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

අදාළ මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ දේශීය නියෝජිත ආයතන විසින් හිඟ මුදල් ගෙවීමට අපොහොසත්වීම හේතුවෙන් මෙලෙස ගුවන් ගමන් අත්හිටුවීමට තීරණය කර ඇති බවය.

රටතුළ උද්ගතව ඇති ඩොලර් අර්බුදය මෙයට හේතුවී ඇති බවද අදාළ මාධ්‍ය වාර්තාවේ සඳහන් වෙයි.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ සිට ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් සීමා කළ අතර එහිදී සතියකට එක් ගුවන් යානයක් පමණක් පියාසර කෙරුණි.

ශ්‍රී ලංකාවේ සිට බටහිර ආසියානු රටවල් සහ ගල්ෆ් රාජ්‍යයන් වෙත විදෙස්ගතවන ශ්‍රමිකයන් මෙම ගුවන් සේවය භාවිත කරයි.

Related posts

දුම්රිය ගාස්තු 15%කින් ඉහළට…

colombotoday

කොටි සැකකරුවන් නිදහස් කරගැනීම ගැන TNA ජනපති සමග සාකච්ඡා…

colombotoday

කම්කරු සමාජ ආරක්ෂණ අරමුදලට අදාළ ලියවිල්ල සැකසීමට කමිටුවක්

colombotoday

පොලිසියේ සිටින පිරිමි ටික උසාවි යාම අවලස්සන තත්වයක්

colombotoday

දිස්ත්‍රික්ක 15 ක ඩෙංගු අවදානම ඉහළට

colombotoday

සෞඛ්‍ය වෘත්තිය ‍වේදින්ගේ වර්ජනය අදත් ක්‍රියාත්මකයි

colombotoday