Business

වැඩිම ණය මුදල් ගෙවීම 2022දී

වැඩිම විදේශ ණය මුදලක් ගෙවීමට ඇත්තේ 2022 වසරේ වන අතර එම මුදල රුපියල් බිලියන 832ක් බව මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ රාජ්‍ය ඇමැති අජිඩ් නිවාඩ් කබ්රාල් පවසයි.

ගෙවීමට ඇති විදේශ ණය සම්බන්ධයෙන් වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ඇමැතිවරයා සඳහන් කර ඇත්තේ 2020 වර්ෂයට වඩා 2021 වර්ෂයේ ගෙවීමට ඇති විදේශ ණය රුපියල් බිලියන 34ක් අඩුවී ඇති බවයි.

ඒ අනුව 2020දී විදේශ ණය හා පොලී වශයෙන් බිලියන 760ක් ගෙවීමට තිබූ අතර මෙම වර්ෂයේදී (2021) එය බිලියන 726ක් බව සඳහන් කර ඇත.

මෙකී තත්ත්වය මත 2022දී ගෙවීමට ඇති මුදල මෙම වර්ෂයට (2021) වඩා බිලියන 106කින් වැඩි වී ඇත.

Related posts

ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රු. 360 යි

colombotoday

ඩොලරය පිමිබෙද්දී රත්තරන් ගණන් උස්සයි

Admin

විල්පත්තුවේ දකුණු ප්‍රදේශයේ කෝමාරිකා වවන්න අක්කර ලක්ෂයක් දෙන්න කැබිනට් අනුමැතිය. – අමාත්‍යවරුන්ට සමාගම මුදල් දීලා ?

colombotoday

අවසන් මාස 9ට ශ්‍රී ලංකන් ශුද්ධ අලාභය රු.බි. 40ක්

colombotoday

කොටස් වෙළෙඳපොළෙන් වාර්තාවක්

colombotoday

මොබිටෙල් සබඳතා නොකඩවා පවත්වා ගැනීමට සේවා රැසක්

colombotoday