Colombo Today Local News

පාසල් විවෘත කිරීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කෙරේ

පාසල් විවෘත කිරීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට අද (21)දින බාරදෙනු ලැබීය.

පාසල් විවෘත කිරීම එම මාර්ගෝපදේශ අනුව සිදු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

මේ සම්බන්ධයෙන් අප නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එම මාර්ගෝපදේශ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අද පාසල්වලට නිකුත් කෙරෙනු ඇති බවයි.

පාසල් දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග රැසක් එම මාර්ගෝපදේශ සංග්‍රහයේ දැක්වෙන බවද හෙතෙම සඳහන් කළේ‍ය.

මේ අතර පාසල් දරුවන්ට ෆයිසර් එන්නත ලබාදීමට රජය දැනටමත් තීරණය කර ඇත.

Related posts

ජිනීවා සමුළුව ඉලක්ක කර සිදුවන රණවිරු දඩයම නවත්වන්න. ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් ජනාධිපතිට ලිපියක්

colombotoday

පාන් බනිස් හා ආශ්‍රිත නිෂ්පාදන වල මිල වැඩි කිරීම වහා හකුලා ගනු.

colombotoday

පාසල් බසයක් ලංගම බස‍යක ගැටී සිසුන් 15ක් රෝහලේ

Admin

පා. මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් ජනතාව ප්‍රකෝප කරමින් තිස්ස විහාරයට එරෙහිව විරෝධයක

Admin

සහල් ආනයනය නොකිරීමට රජය තීරණය කරයි !

colombotoday

නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දින තුනක පුහුණුවක්

colombotoday