Colombo Today Local News

කොවිෂීල්ඩ් එන්නතේ ‘පළමු මාත්‍රාව ලබාදීම’ තාවකාලිකව අත්හිටුවයි

ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීමේ වැඩපිළිවෙල තාවකාලිකව අත්හිටුවන බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේය.

එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම සඳහා එලෙස පළමු මාත්‍රාව ලබාදීම තාවකාලිකව අත්හිටුවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

“අපේ රට තුළට ලැබිලා තියෙන එන්නත් ප්‍රමාණය 1,264,000 වෙනවා එයින් මේවන විට එන්නත් මාත්‍රා 923,954 අද උදෑසන වන විට අපි ලබාදීලා තියෙනවා. ඒ අවස්ථාවේදී අපට දෙවන මාත්‍රාව ලබාදීම සිදුකළ යුතුයි. ඒ නිසා අපි මේ අවස්ථාවේදී පළමු මාත්‍රාව ලබාදීම තාවකාලිකව අත්හිටුවා තියෙනවා. ” යනුවෙන් ඔහු සඳහන් කළේය.

Related posts

යහපාලන කැබිනට් හොරු අල්ලන්න විශේෂ විමර්ෂණ කමිටුවක්

colombotoday

“මන්ත්‍රීවරුන් හිර කරත් ජනතා මතය සිරගත කළ නොහැකියි.. වෙලාව එනකම් ඉන්න” හිටපු ජනපති

colombotoday

බැංකුවලට ලැබෙන ඩොලර් වලින් 25%ක් මහ බැංකුවට අලෙවි කළ යුතුයි

colombotoday

අපනයනය කෙරෙන තේ වලට බලපත්‍ර ගාස්තුවක්

Admin

“මම කිසි තැනක කියලා නෑ ආණ්ඩුවෙන් යනවා කියලා. මොකටද යන්නේ?” – රතන හිමි

colombotoday

හෙට දහවල් 1 තෙක් නාය යෑමේ රතු නිවේදනයක්

Admin