World

තායිවානයේ උමං මාර්ගයකදී දුම්රියක් පීලි පැනීමෙන් 34ක් මරුට

තායිවානයේ උමං මාර්ගයක් තුළදී දුම්රියක් පීලි පැනීමෙන් පුද්ගලයින් 34 දෙනෙක් මියගොස් ඇති බව වාර්තා වේ.

තවත් පුද්ගලයින් 72ක් දුම්රිය මැදිරි තුළ සිරවී ඇති බව බලධාරීන් පවසයි. එම දුම්රිය අනතුරට පත්වන අවස්ථාවේ එහි මගීන් 350 දෙනෙක් පමණ ගමන් කර තිබේ.

උමඟ තුළ සිරවී ඇති දුම්රිය මැදිරි වෙත ළඟා වීම දුෂ්කර බව වාර්තා වේ.

එම දුම්රිය එරට අගනුවර වන තායිපේ සිට තයිතුන් නම් නගරය දක්වා ගමන් කරමින් තිබෙන විට එම අනතුර ට ලක්වී තිබේ.

විදෙස් මාධ්‍ය පැවසුවේ එම දුම්රිය මාර්ගයට ඉහළින් පිහිටි මාර්ගයක ධාවනය වෙමින් තිබු ට්‍රක් රථයක්, දුම්රිය මාර්ගයට වැටී ඇති බවත් දුම්රිය එහි ගැටීම හේතුවෙන් එය පීලිපැන ඇති බවය.

Related posts

ඉස්ලාම් අන්තවාදීන්ගේ චින්තකයෙකු වන යුසුෆ් අල් කර්දාවි දෙස දෙවියන් නොබලයි. | කොරෝනා වැළඳී වෛද්‍ය ප්‍රතිකාර ගනියි.

colombotoday

ඉන්දියාවේ කොරෝනා මරණ 7700 ඉක්මවයි

colombotoday

හමාස් නායකයාගේ නිවසට ප්‍රහාර

Admin

බ්‍රිතාන්‍යයේ යෝර්ක් ප්‍රදේශයට දරුණු ගංවතුර තත්වයක්

colombotoday

කොරෝනාවට එරෙහිව සර්ප විෂ භාවිතයෙන් වෛරසය පැතිරීම සියයට 75 කින් අවම කළ හැකි බවට අනාවරණයක්

colombotoday

91% ක් මුස්ලිම් ජාතිකයින් ජීවත්වන සුඩානය ෂරියා නීතියට තිත තබයි

colombotoday