Colombo Today Local News

ලොව ප්‍රථම පරිසර හිතකාමී ස්මාර්ට් මුව ආවරණය ලංකාවේ නිපදවයි

බ්ලූටූත් තාක්ෂණය හරහා හුස්ම ගන්න ඔක්සිජන් ප්‍රමාණයත් මනින්න පුලුවන් මුව ආවරණයක් හදයි.

තිරසාර නිෂ්පාදන ක්‍රියාවලියක් යටතේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ලොව ප්‍රථම පරිසර හිතකාමී ස්මාර්ට් මුව ආවරණය (Smart Face Mask) BreathTech-S3 සන්නාමයෙන් ලොවට හඳුන්වාදීම ඊයේ (19) දින අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ක්‍රීඩා සභා පරිශ්‍රයේ දී සිදුවිය.

මෙම පරිසර හිතකාමී ස්මාර්ට් මුහුණු ආවරණය නිෂ්පාදන ක්‍රියාවලියට හයිඩ්‍රාමනී සමූහය(Hirdaramani), ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණික ආයතනය (SLINTEC) සහ සර්කියු ටෙක්නොලොජීස් (CirQ Technologies)යන ආයතන 03 දායක වී තිබේ.

BreathTech-S3 යනු ස්වාභාවිකව දිරාපත්වන සෙලියුලෝස් මත පදනම් වූ අමුද්‍රව්‍ය යොදා නිශ්පාදනය කරන ලද Smart සංවේදකයක් සහිත මුව ආවරණයකි.

එමෙන්ම මේ සඳහා ආරක්ෂිත ජංගම යෙදුමක් ද තිබෙන අතර මෙහි ඇති සංවේදක Bluetooth තාක්ෂණය හරහා ජංගම දුරකථන යෙදුමට සම්බන්ධ වී පැලඳ සිටින ක්‍රීඩකයාගේ ආශ්වාස ප්‍රාශ්වාස කරන ඔක්සිජන් ප්‍රමාණයේ සිට විවිධ වැදගත් දත්ත නිරීක්ෂණය කළ හැකිය.

2021 ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම ස්මාර්ට් මුහුණු ආවරණය ලබා දී තිබේ.

May be an image of 4 people, people standing and indoor
ලොව ප්‍රථම ස්මාර්ට් මුව ආවරණය ලංකාවේ නිපදවයි

Related posts

හෙට සිට නැවත්ත් උෂ්ණත්වය ඉහලට

Admin

බදුල්ල දිස්ත්‍රික්කය – ඌව පරණගම ආසනය – සජිත් පරදා ගෝඨාභය ඉදිරියට !

colombotoday

මහසොහොන් බලකායේ අමිත් වීරසිංහ ඇප මත නිදහස්

colombotoday

අපි කෑලි කෑලි කැපුවත් සිංහලේ – මදුමාධව අරවින්ද

colombotoday

“සාම කාලයේදීවත් මම ත්‍රස්‌තවාදීන්ට අතට අත දුන්නේ නැහැ“ ප්‍රභාකරන්ව මැරූ 53 සේනාකාධිපති සමග කතාබහක්!

colombotoday

තාක්ෂණ අමාත්‍යංශයේ කාර්යයන් සහ ආයතන ගැසට් කෙරේ

colombotoday