Colombo Today Local News

ඩලස් ආණ්ඩුවට.. ප්‍රසන්න රණතුංග ඉවතට ?

Prasanna dullsඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමටද, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එක්වීමටද ඉඩ ඇතැයි බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසයි.

පළාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේදී අද (08) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

සාධාරණ හේතුවක් නොමැතිව පක්ෂ නායකත්වය විවේචනය කරන ඕනෑම අයෙකු පිළිබඳව තිරණ ගැනීමේදී ඔහුගේ ජනප්‍රියත්වය,වැඩිම මනාප ලබා තිබීම ආදිය නොසලකන බවද මහඇමතිවරයා ප්‍රකාශ කළේය.

තවත් කිහිප දෙනෙකු ආණ්ඩුව සමග එක්වීමට සූදානමින් සිටින බවද, ඒ සම්බන්ධයෙන් සිදුවූ සාකච්ඡා සාර්ථක මට්ටමක පවතින බවද ඔහු එහිදී වැඩිදුරටත් සදහන් කළේය.

Related posts

ගෝඨාභයගේ වියත්මග ප්‍රකාශය රජයේ 2025 දැක්මයි – මලික් සමරවික්‍රම

colombotoday

හිස්බුල්ලා වහාම ඉවත් කරන්න – පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙකු සත්‍යග්‍රහයක

colombotoday

පාතාල නායක අංගොඩ ලොක්කා ඉන්දියාවේදී වස දී ඝාතනය කරයි ?

colombotoday

බයිබලෙන් ගැහුවේ නෑ. එජාපයේ මඩ ප්‍රචාර ප්‍රතික්ෂේප කරනවා.ජොන්ටන් කියයි

colombotoday

පාස්කු ප්‍රහාරකයන්ගේ දෙවන ඉලක්කය දළදා පෙරහැර බව කොමිසමේදී අනාවරණය වෙයි

colombotoday

ඩොලරය රු. 375ට නගී

colombotoday