Colombo Today Local News

පාස්කු කොමිසමේ සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කරගැනීම අවසන්.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසම සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කරගැනීම අවසන් කර තිබේ.

ඒ අනුව ඊයේ (19) දිනයේ සාක්ෂි ලබාගැනීමේ කටයුතු අවසන් කළ බව කොමිසන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.

කෙසේවෙතත් අදාළ ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාව කටයුතු කළ ශානී අබේසේකර මහතා ඊයේ දිනයේ සාක්ෂි ලබාදීම සඳහා පැමිණීමට නියමිතව තිබුණ ද ඔහු එම අවස්ථාවට සහභාගී නොවීය.

ඒ අනුව අධ්‍යක්ෂවරයාගේ සාක්ෂි ලබාදීම මේ දක්වාත් අවිනිශ්චිත තත්ත්වයක් පවතී.

ඉදිරි දින කිහිපයේ දී හිටපු අධ්‍යක්ෂවරයා සාක්ෂි ලබාදෙනු ඇති බව කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර ඊයේ දිනයේ දී පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සහරාන් හෂීම් සමග සබඳතා පැවැත්වූ උමීර් මොහොමඩ් නැමැත්තා සාක්ෂි ලබාදෙනු ලැබීය.

මේ වන විට රැඳවුම් නියෝග මත පසුවන ඔහුගේ සාක්ෂි විමසීම මාධ්‍යයට විවෘත නොවීය.

ඔහුගේ සාක්ෂි විමසීමත් සමග කොමිෂන් සභාව සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි විමසිම අවසන් කළ බව ද කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

Related posts

කොටි සංවිධානයේ නැගෙනහිර නායකයාව කටයුතු කල කරුණා අම්මාන් කල දේවලට සමාව දෙනවා-SB

colombotoday

බුද්ධ ශාසන අමාත්‍යාංශය උදය ගම්මන්පිලට

colombotoday

“බෝම්බ වැදුනම බෝධිපූජා තිබ්බ අය මම හිරේ ගියාම කිරිබත් කෑවා” – ෆොන්සේකා අමුතු කතාවක් කියයි.. ඇල්ලේ නාහිමිට නැවතත් ගරහයි

colombotoday

හිසට පිස්‌තෝලයක්‌ තියලා… ! ආනන්ද අලුත්ගමගේගෙන් හිටපු සභාපතිට මරණ තර්ජන

colombotoday

ශ්‍රීලනිපයට නව ආසන සංවිධායකවරුන් 40ක්.. ඒකාබද්ධයට කැපිල්ලක්… බෙලිඅත්ත සෙල්ලම් පිස්තෝල නගරාධිපතිට

colombotoday

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනට බාධා

Admin