Covid 19

කොවිඩ් එන්නත් පෙරහුරු එන සතියේ

මෙරටට කොවිඩ් එන්නත ගෙන ඒමෙන් පසු එම එන්නත් ප්‍රවාහනය, ගබඩා කිරීම සහ එන්නත් භාවිතයට ගන්නා ආකාරය සම්බන්ධව සිදුකරන පෙරහුරු ඉදිරි සතිය තුළ ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කළේ මෙරට ජනතාවට ප්‍රමුඛතාව අනුව එන්නත ලබාදීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි. එසේම මෙම කොවිඩ් එන්නත මෙරටට ගෙන්වීමට අදාළ නියාමන ක්‍රියාවලිය සිදුකරමින් සිටින බවද ඔහු ප්‍රකාශ කළේය. ඒ අනුව ජනතාවට කොවිඩ් එන්නත නොපමාව ලබාදීමට කටයුතු කරන බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

Related posts

වැඩිහිටි නිවාසයකින් කොවිඩ් ආසාදිතයින් 58ක්

colombotoday

මෙරට 22 වන කොරෝනා මරණ වාර්තා වෙයි

colombotoday

පිටත රසායනාගාරවල පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා වැරදියි – රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ සංගමය

colombotoday

තුන්වන කොවිඩ් රැල්ලක් ඇති වීමේ දැඩි අවදානමක් ගැන මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

colombotoday

ආසාදිතයන් සංඛ්‍යාව 210 දක්වා ඉහළට

colombotoday

බන්ගලාවත්තේ කාන්තාවන් දෙදෙනෙකුටත් කොරෝනා වැලදෙයි.

colombotoday