Covid 19

කුලියාපිටිය රෝහලේ වෛද්‍යවරුන් සිව් දෙනෙකු ඇතුළු 14කට කොවිඩ්

කුලියාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් සිව් දෙනෙකු ඇතුළු කාර්යමණ්ඩල සාමාජිකයින් 14 දෙනෙකු කොවිඩ්-19 ආසාදිතයින් බවට හඳුනාගෙන තිබේ.

ඊයේ (20) දිනයේ සිදුකළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවේදී එම ආසාදිතයින් හඳුනාගත් බව කුලියාපිටිය ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී උත්පල සංකල්ප මහතා සඳහන් කළේය.

වෛද්‍යවරුන් සිව් දෙනෙකුත්, රෝහලේ ශල්‍ය වෛද්‍ය වාට්ටුවලට අනුයුක්තව සේවයකළ හෙද නිලධාරින් 8 දෙනෙක් සහ, කණිෂ්ඨ කාර්යය මණ්ඩල සේවකයින් දෙදෙනෙකු කොවිඩ් ආසාදිතයින් බව හඳුනාගෙන ඇත.

මේ වන විට එම රෝහලේ ශල්‍ය වෛද්‍ය වාට්ටු සංකීර්ණයේ සේවයකළ සියලු විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි සියලුම රෝගීන් පී.සී.ආර් පරීක්ෂණයට යොමුකර ඇති බවත් සඳහන්.

Related posts

කොවිඩ් රෝගය රට පුරා පාලනයකින් තොරව ව්‍යාප්ත වෙලා.

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයින් 1896ක් දක්වා ඉහළට

colombotoday

සීදූවේ එක් බෝඩිමකින් කොරෝනා ආසාදිතයන් 42ක්

colombotoday

අද දවසට අසාධිතයින් 3435 යි. අද වාර්තා කල මරණ සංඛ්‍යාව 161 යි

colombotoday

පස්සර පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක් ස්වයං නිරෝධායනයට

colombotoday

ජනපති අද ජාතිය අමතයි !

colombotoday