Colombo Today Local News

වැඩතහනමකට ලක්වු විනිසුරු ගිහාන් පිලපිටිය නැවත සේවයේ පිහිටුවයි

වැඩතහනමකට ලක්වු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා නැවත සේවයේ පිහිටුවීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

ඔහු ව එසේ‍ සේවයේ පිහිටුවා ඇත්තේ, පරීක්ෂණයකට යටත්ව බව ද සඳහන් වේ.

අධිකරණ සේවා කොමිෂන් සභාව ඔහු සේවයේ නැවත පිහිටුවීමට අදාළ ලිපිය නිකුත් කිරීමට නියමිත බව ද සඳහන්ය.

දැනට බරපතළ වැඩ සහිතව බන්ධනාගාරගත කර සිටින රන්ජන් රාමානායක මහතා සමඟ අධිකරණ කටයුතු පිළිබඳ ආන්දෝලනාත්මක දුරකථන සංවාදයක් පැවැත්වීම සම්බන්ධයෙන් මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා පසුගිය වසරේ ජනවාරි 21 වන දින වැඩතහනමට ලක්විය.

ඒ විනිසුරුවරයා සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසමේ නිර්දේශ අනුවය.

ඒ අනුව වැඩතහනමට ලක්ව සිටි මහාධිකරණ විනිසුරුවරයා අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තුවක් ලබාගන්නා ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයට උපදෙස් ලබාදී තිබුණි.

කෙසේවෙතත් නුගේගොඩ අතිරේක මහෙස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර සිටියේ, මහාධිකරණ විනිසුරුවරයා අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කළ හැක්කේ දිවුරුමක් මත විමර්ශන නිලධාරියෙකුගෙන් සාක්ෂියක් ලබාගැනීමෙන් පමණක් බවය.

2020 පෙබරවාරි මස 19 වන දින තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගය නිකුත් කරන මෙන් ඉල්ලා වැඩ තහනමකට ලක්ව සිටි මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කෙරිණි.

ඒ අනුව අභියාචනාධිකරණය විසින් නිසි අධිකරණය නියෝගයකින් තොරව වැඩ තහනමකට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට නොගන්නා ලෙස නියෝග කළේය.

2020 ජූනි මස 8 වන දින ගිහාන් පිලපිටිය මහතාට එරෙහිව නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත් වු නඩු විභාගය අත්හිටුවන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

Related posts

හිටපු ඇමති සිරිසේන කුරේ අභාවප්‍රාප්ත වෙයි

colombotoday

ඩුබායි මෙන්ම සිංගප්පූරුවේ වී වගා කරන්නේ නෑ. එත් ජනතාව බඩගින්නේ ඉන්නේ නැහැ.. ආහාර හිඟ වුණොත් තියෙන තැනකින් ගන්නවා

colombotoday

ස්ප්‍රේ, චුයින්ගම්, චාර්ජ් කරන සිගරට් : පාසල් දරුවන් බිලිගන්නා අලුත්ම “මත් ක්‍රම” මෙන්න

colombotoday

පැය 24ක් තුළ නිරෝධායන නීති කැඩූ 12ක් අත්අඩංගුවේ

colombotoday

ඊයේ රාත්‍රියේ ජනපතිගෙන් විශේෂ ගැසට් නිවේදන දෙකක්…

colombotoday

කෑම කඩේ ඇතුලෙ තිබ්බ කුඩු කඩයක් වටලයි

Admin