Colombo Today Local News

පොළොන්නරුව ඵෙතිහාසික සොළොස්මස්ථාන රජමහා විහාරය පූජා භූමියක් ලෙස ප්‍රකාශ කෙරේ

පොළොන්නරුව ඵෙතිහාසික සොළොස්මස්ථාන රජමහා විහාරය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීම අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුව තිබෙනවා.

පොළොන්නරු ඵෙතිහාසික සොළොස්මස්ථාන පූජා භූමිය ප්‍රකාශයට පත් කිරීමේ සන්නස් පත්‍ර ප්‍රදාන පුණ්‍ය මහෝත්සවය ඊයේ දින පැවැත්වුනේ බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්

ප්‍රථමයෙන් ආගමික වතාවත්වල නිරත වූ අග්‍රාමාත්‍යතුමා විසින් සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක, පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති මහනුවර අස්ගිරි පාර්ශවයේ ගෙඩිගේ රජමහා විහාරාධිපති අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක හිමිපාණන් වෙත සන්නස් පත්‍රය ප්‍රදානය ක‍රන ලදී.

පොළොන්නරු ඵෙතිහාසික සොළොස්මස්ථාන රජමහා විහාරස්ථානය අංක 2201/2 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මඟින් පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙන්නේ බුදු දහම ප්‍රමුඛත්වයෙහි ලා සලකමින්, ආධ්‍යාත්මික වශයෙන් පිරිපුන් ගුණගරුක ජන සමාජයක් බිහි කිරීම හා ශ්‍රී ලාංකේය ඵෙතිහාසික උරුමයන් අනාගත පරපුර වෙත සුරක්ෂිත කොට දායාද කිරීමේ අරමුණින්.

Related posts

කතානායක ඉවතට?

colombotoday

අසුබ පෙරනිමිති සමගින් ෆොන්සේකා රාහු කාලයේ වැඩ අල්ලයි

colombotoday

ඥානසාර හිමි ධර්ම චාරිකාවේ යෙදෙති – මේ වසරේ 270 වන ධර්ම දේශනය අද හොදැල්ලදී

colombotoday

ලංකාවට ෆෙඩරල් එක්‌සත් ජාතීහු නිර්දේශ කරති

colombotoday

සත්ව ඝාතන අඩු කරන්න රටින් ගේන මස්වලට බදු අඩුකරයි

colombotoday

ඉන්ධන සීමා අත්‍යවශ්‍ය සේවාවලට අදාල නැහැ..

colombotoday