Colombo Today Local News

අනුරාධපුර පාසල් දෙකක් දින නියමයකින් තොරව වසා දමයි.

අනුරාධපුර අධ්‍යාපන කලාපයේ නිරාවිය පිහිටි දේවානම් පියතිස්සපුර මහා විද්‍යාලය සහ අලි අස්වර් මුස්ලිම් විද්‍යාලය අද (21) දිනයේ සිට දින නියමයක් නොමැතිව වසා දැමිමට පියවරගත් බව උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිර්මලා ඒකනායක මහත්මිය පැවසිය.

නිරාවිය ගම්මානයෙන් කොරෝනා රෝගීන් නව දෙනෙකු හමුවිම නිසා මෙම පියවර ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු මධ්‍යම නුවරගම් පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක සමන් ඒකනායක මහතා මෙසේ පැවසිය.

“නිරාවිය ගම්මානයේ ස්වයං නිරෝධායනයට ලක්කොට තිබු නිවාස දහතුනක පුද්ගලයන් පිරිසක් පසුගිය 18 දින පිසිආර් පරික්ෂණයට ලක්කොට තිබුණි.

එහිදි පුද්ගලයන් අට දෙනෙකුටම කොරෝනා රෝගය වැළදි ඇති බවට තහවුරු වුණා.මෙම පුද්ගලයන් අනුරාධපුර නගර සභාවේ සේවය කරන පිරිසක්.

ඔවුන්ගේ දරුවන්ද මෙම පාසල්වල ඉගෙනුම ලබනවා එම නිසා මෙම පාසල් වසා දැමිමට තිරණය කොට තිබෙනවා. මෙම ගම්මානයේ තවත් පුද්ගලයන් පනස් දෙනෙකු පමණ පිසිආර් පරික්ෂණයකට ලක්කිරිමට කටයුතු කරන බවද සමන් ඒකනායක මහතා මෙහිදි පැවසිය.

Related posts

ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහකොමසාරිස් ජනාධිපති හමුවෙයි

colombotoday

20 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ගම්මන්පිල ශ්‍රේෂ්ඨාධිකරණයට !

colombotoday

විජයග්‍රහණයේ 14 වැනි ජාතික රණවිරු සැමරුම අද

Admin

හිටපු ජනපතිට නිවෙසක් දීමේ කැබිනට් තීරණයට අධිකරණ තහනමක්

colombotoday

කොවිඩ් කාඩ්පත්වල වලංගු බව සොයා බැලීමට තීරණයක්

colombotoday

කකුලෙන් අදින අයට පක්ෂයෙන් ඉවත් වෙන්නැයි සජිත් කියයි

colombotoday