Colombo Today Local News

කෑගල්ලේ මාස 4කදි මී උණ රෝගීන් 250ක් – දෙදෙ‌නෙක් මරුට

ජූනි මස සිට ඊයේ (20)දින දක්වා ගතවූ මාස හතරක කාලයේදී කෑගල්ල දිස්ත්‍රික්කයෙන් මී උණ රෝගීන් 250කට අධික පිරිසක් හඳුනාගෙන ඇති බවත්, ඉන් දෙදෙනකු මියගොස් ඇති බවත් කෑගල්ල දිස්ත්‍රික් වසංගත රෝග මර්දන අංශයේ විශේෂඥ වෛද්‍ය සුජීව බණ්ඩාර පවසයි.

මාවනැල්ල හා දෙහිඕවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසවලින් මී උණ රෝගීන් වැඩිම පිරිසක් පිරිසක් වාර්තා වී තිබේ. කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් උණ වැනි රෝග ලක්ෂණ ඇතිවූ විට වේදනා නාශක ඖෂධ භාවිතා කරමින් වෛද්‍යවරයකු වෙත නොයා නිවසේ රැඳී සිටීම මෙම තත්ත්වයට හේතුව බවද විශේෂඥ වෛද්‍යවරයා පවසයි.

මේ වනවිට කෑගල්ල මහ රෝහලේ මී උණ රෝගීන් 38 දෙනකු පමණ ප්‍රතිකාර ලබන අතර, එහි ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය සතියේ දෙදෙනකු මිය ගොස් තිබේ. ඉන් එක් පුද්ගලයකු කුඹුරු වැඩ සිදුනොකළ අයකු බවද වසංගත රෝග මර්දන අංශය සඳහන් කරයි.

Related posts

දළ පූට්ටුවාගේ ඝාතකයින් නිදහස් කිරීමේ උත්සාහයක්.. ඇමතියෙකුත් හවුල් !

colombotoday

ෆයිසර් එන්නත් මාත්‍රා 73,000ක් දිවයිනට

colombotoday

“පෙන්නන්නෙම උද්ඝෝෂණ, කලබල.. දකින අය හිතන්නේ රටේ ආණ්ඩුවක් නෑ කියල“ – ජනපති

colombotoday

මහ බැංකුවේ ප්‍රතිපත්ති පොළී අනුපාතය අඩුකරයි

Admin

කැෆේ කිර්තිට මැකෝගෙන් ටොක්කක්

colombotoday

රැකියාවක් ලැබුණු සතුට මරණ දෙකකින් කෙළවර වෙයි

colombotoday