World

අලුත් මන්ත්‍රීවරුන් ගොඩකට කටපුංචා ගැන වැඩි උනන්දුවක් නෑලු

පාර්ලිමේන්තුවට අලුතින් තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන්ගෙන් අඩකට වැඩි සංඛ්‍යාවක් ඔවුන්ගේ ආරක්ෂාව සඳහා ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලබාදෙන ගිනි අවිය (පිස්තෝලය) මෙතෙක් ලබාගෙන නැතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

මෙසේ ගිනි අවිය ලබාගෙන නොමැති මන්ත්‍රීවරුන් අතර ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුද වෙති.

පාර්ලිමේන්තුවට අලුතින් තේරී පත්වූ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව අසූවකට අධිකය.

මෙයින් ගිනි අවිය ලබාගෙන නොමැති මන්ත්‍රීවරුන් සංඛ්‍යාව හතළිහකට වැඩි යැයිද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම අලුත් මන්ත්‍රීවරුන් බොහෝ දෙනකු තමන්ගේ ආරක්ෂාව සඳහා ලබාදෙන එම ගිනි අවියට වැඩි උනන්දුවක් දක්වන ආකාරයක් පෙනෙන්නට නැතැයි පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

පාර්ලිමේන්තුවට තේරී පත්වන සෑම මන්ත්‍රීවරයකුටම ඔවුන්ගේ ආරක්ෂාව සඳහා ආරක්ෂක අමාත්‍යාංශය විසින් මෙම ගිනි අවිය නිකුත් කරනු ලැබේ. පාර්ලිමේන්තු ලේකම්වරයා විසින් ඔහු හෝ ඇය මන්ත්‍රීවරයකු, මන්ත්‍රීවරියක බවට සහතික කරනු ලැබීමෙන් පසුව එම අමාත්‍යාංශය විසින් මෙම ගිනි අවිය නිකුත් කෙරෙන බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.

මේ අතර පාර්ලිමේන්තුවේ කාලයක් සිටි පැරණි මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙකු එම ආරක්ෂක ගිනි අවිය ලබාගෙන ඇතැයි වාර්තා වේ.

-ලංකාදීප-

Related posts

දිය යට දිගම හාදුවේ ලෝක වාර්තාව අලුත් වෙයි

Admin

හමාස් ප්‍රාණ ඇපයට ගත් ප්‍රංශ තරුණයාගේ සිරුර හමු වෙයි

Admin

ඉන්දියානු නව ජනාධිපතිනිය ද්‍රෞපදී මුර්මු අද දිවුරුම් දෙයි

colombotoday

තුර්කියේ ප්‍රබල භූ කම්පනයක්

Admin

රුසියාව බ්‍රිතාන්‍යයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම්

colombotoday

මියන්මාර් රජය අල් හුසේන්ට අභියෝග කරයි.. UN නිලධාරීන්ට මියන්මාරයේ දොර වසා දමයි

colombotoday