
කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ පළමු වරට සියලු කොටස් මිල දර්ශකය අද (21) දින ඒකක 9,800 සීමාව ඉක්මවා ගියේය.
දිනය නිමා වනවිට එය සටහන් වූයේ 9,881.50ක් ලෙසය.
ඒ අනුව කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ “සියලු කොටස් මිල දර්ශකය” ඒකක 9,800 සීමාව ඉක්මවා දිනයේ ගනුදෙනු අවසන් කළ පළමු අවස්ථාව මෙය වෙයි.
දෛනික පිරිවැටුම සටහන් වූයේ රුපියල් බිලියන 4.26ක් ලෙසය.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com