Colombo Today Sports News

ශ්‍රී ලංකාව, විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ සුපිරි 12 ට

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ මූලික වටයේ දෙවන තරඟය ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඒ, අයර්ලන්තය කණ්ඩායම ලකුණු 70කින් පරාජය කරමිනි.

තරඟයේ කාසිය වාසිය දිනූ අයර්ලන්ත කණ්ඩායමේ නායකයා පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය.

ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී ලකුණු 171ක් ලබා ගත්තේය.

එහිදී පන්දු 47කට මුහුණ දුන් වනිඳු හසරංග ලකුණු 71ක් ලබා ගැනීමට සමත් වූ අතර ඊට හතරේ පහර 10ක් සහ එක් හයේ පහරක් අඩංගු විය.

පැතුම් නිස්සංක ලකුණු ගණන 61ක් රැස් කළේය.

ඔවුන් දෙදෙනා හතර වැනි කඩුල්ල සඳහා ලකුණු 123ක් එක් කළහ.

පන්දු යැවීමේදී අයර්ලන්ත කණ්ඩායම වෙනු‍වෙන් ජෝෂ් ලිට්ල් කඩුලු 4ක් දවාගත් අතර මාර්ක් ඇඩෙයාර් කඩුලු 2ක් දවා ගත්තේය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි අයර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 18 පන්දු 3ක් තුළ සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 101ක් පමණි.

අයර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් නායක ඇන්ඩි බල්බර්නි ලකුණු 41ක් රැස්කළ අතර කර්ටිස් කැම්පර් ලකුණු 24ක් රැස්කළේය.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනු‍වෙන් මහීෂ් තීක්ෂණ කඩුලු 3ක් දවාගත් අතර ළහිරු කුමාර කඩුලු 2ක් දවා ගත්තේය.

Related posts

පොදු රාජ්‍ය මණ්ඩල යොවුන් ක්‍රීඩා තරගාවලියේදී අයෝමාල් අකලංකට රිදී පදක්කමක්

Admin

ශ්‍රී ලංකා හා බංග්ලාදේශ ක්‍රිකට් තරඟාවලිය අත්හිටුවයි

colombotoday

ශ්‍රී ලංකා – නෙදර්ලන්ත T20 ලෝක කුසලාන තරඟය අද

colombotoday

චෙන්නායි සුපර් කිංග් කණ්ඩායමේ පිරිසකට කොරෝනා

colombotoday

මාලිංගට තවත් “බකට්‌” එකක්‌

colombotoday

නව ටෙස්ට් ක්‍රිකට් සංචිතය ප්‍රකාශයට

Admin