Colombo Today Local News

ශ්‍රී ලංකාව ණය පැහැරහරින්න රුසියා – ‘ෆිච්’ආයතනයෙන් අනතුරු අඟවීමක්

ශ්‍රී ලංකාවට සිය විදෙස් ණය පැහැර හැරීමේ ‘සැබෑ හැකියාවක්’ පවතින බව අන්තර්ජාතික ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ‘ෆිච්’ අනතුරු අඟවා ඇත.

ශ්‍රී ලංකාව ඇතුළු ලොව රටවල් රැසක් පිළිබඳව ආයෝජකයන් දැනුවත් කිරීම වෙනුවෙන් නිකුත් කෙරෙන “ආයෝඡකයින්ට දැන ගැනීමට අවශ්‍ය දේ: නැගී එන-වෙළෙඳපළේ ස්වෛරී වගකීම්-4Q21”(What Investors Want to Know: Emerging-Market Sovereigns – 4Q21) වාර්තාව ඔස්සේ ෆිච් මෙම අනතුරු ඇඟවීම කර තිබේ.

“2020 නොවැම්බර් මාසයේ සිට ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා බාහිර මූල්‍ය කටයුතු බිඳෙන සුළු මට්ටමක පවතින අතර 2021 ජූනි මාසයේදී අපගේ එම ‘CCC’ ශ්‍රේණිගත කිරීම නැවත තහවුරු කරමින් සැලකිය යුතු ණය අවදානමක් පෙන්නුම් කර තිබේ” යැයි ෆිච් රේටින්ග්ස් අධ්‍යක්‍ෂවරියක වන සාගරිකා චන්ද්‍ර අදාළ වාර්තාවෙන් ප්‍රකාශ කර තිබේ. 2021 ඉතිරි කාලය ශ්‍රී ලංකාවට ගෙවිය යුතුව ඇති විදේශ ණය වලින් වැඩි ප්‍රමාණයක් ව්‍යාපෘති වෙනුවෙන් සහ බහුපාර්ශ්විය ණය වෙනුවෙන් ගෙවිය යුතුව ඇතැයි ද එම වාර්තාවේ දැක්වේ.

ස්වෛරී බැඳුම්කර ආපසු ගෙවීම් පිළිවෙළින් 2022 ජනවාරි සහ ජූලි මාසවලදී ඩොලර් මිලියන 500 ක් සහ ඩොලර් බිලියන 1 ක් වශයෙන් පවතින බවද ශ්‍රී ලංකාව අන්තර්ජාතික මූල්‍ය අරමුදලින් ණය ලබාගැනීම දිගින් දිගටම බැහැර කරන බවද පවසන එම වාර්තාව 2023 වන විට විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 2.5 දක්වා පහත වැටෙනු ඇති බවට ද අනාවැකි පළකර ඇත.

Related posts

ඩොලරයේ විකුණුම් අනුපාතය රු. 374 ඉක්මවයි

colombotoday

fitch රේටින්ග්ස් ගෝලීය මූල්‍ය දර්ශකයේ ලංකාව පහළටම ඇද වැටෙයි!

colombotoday

ජන සංහාරක සතියක් නම් කෙරේ.. ජනපතිටත් උතුරට ඇතුළු වීම තහනම් !

colombotoday

මාරක ළිඳේ පඩිපෙලකින් ඇද වැටී දරුවෙක් ජීවිතක්ෂයට

Admin

ජනපතිගේ අණ තුට්ටුවක ගණන් නොගනී.. රවී හිතුමතේ වැඩ.. මතගැටුම තවත් උග්‍ර අතට

colombotoday

පක්ෂයේ අයිතිකාරයා අපි ළඟ. ඕනිනම් සජිත්ට විනය පරීක්ෂණයක් කරනවා – Video

colombotoday