Colombo Today Local News

පාස්කු ප්‍රහාරයට වගකිව යුතු ඇතැම් පිරිස් බොරු කියමින් විමර්ශනවලට බලපෑම් කරමින් සමාජ අවධානය වෙනත් දිශාවකට යොමු කරනවා

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට වගකිව යුතු සියලුදෙනා නීතිය ඉදිරියට ගෙන එන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට වසර දෙකක් සැපිරීම හේතුවෙන්, සභාවේ අවසරය ඇතිව අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කර සිටියේ, පසුගිය රජය විසින් සිදුකළ සාපරාධී නොසලකා හැරීම් හා මඟ හැරීම් හේතුවෙන් වන්දිගෙවීමට සිදුවුයේ අහිංසක ජනතාවට බවය.

අදත් එම ප්‍රහාරයට වගකිව යුතු ඇතැම් පිරිස් සමාජයට බොරු කියමින් විමර්ශනවලට බලපෑම් කරමින් සමාජ අවධානය වෙනත් දිශාවකට යොමුකරමින් සිටින බව ද අගමැතිවරයා මෙහිදී කියා සිටියේය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු අගමැතිවරයා,

“පාස්කු කොමිසම විසින් හෙළිදරව් කර ගත් තොරතුරු අනුව, සකස් කළ වාර්තාව හා අනෙකුත් ලේඛන පදනම් කරගෙන නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මේ වන විට නීතිපතිවරයා වෙත යොමුකර තිබෙනවා. අධිකරණ කටයුතු කෙරෙහි මැදිහත්වීම නොකරත් ක්‍රියාමාර්ග සාර්ථක කර ගැනීමට අවශ්‍ය ඕනෑම සහයකට රජයක් හැටියට සුදානම් බව කියන්න කැමතියි. කොමිෂන් සභාවට අමතරව ක්‍රියාත්මක කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ ඉතාම ස්වාධීනව සිදුකරගෙන යෑමට අවශ්‍ය පහසුකම් ජනාධිපතිවරයා විසින් සපයා දී තිබේ. පරීක්ෂණ අවසානයේ ඒ ඒ දෙපාර්තමේන්තු විසින් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට ඉදිරියේ දී කටයුතු කරයි කියලා අපට විශ්වාසයි.“

Related posts

අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටි මහින්ද රිමාන්ඩ්

Admin

Video: හදවත් සහ පෙනහළු බද්ධ සැත්කම්, සාර්ථකව මහනුවර රෝහලෙන්

colombotoday

පාසල් මුරකළ දෙමව්පියන්ට නිවාඩු දෙයි

colombotoday

ඥානසාර හිමි මුණගැසෙන්නන්ගේ තොරතුරු අගමැති ගෙන්වා ගනී

colombotoday

ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන අභාවප්‍රාප්ත වෙයි

Admin

ආචාර්ය හර්ෂ කෝප් කමිටුවට

colombotoday