Colombo Today Local News

වැලි, පස් හා කළුගල් ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම ඔන්ලයින් ක්‍රමයට

වැලි, පස් හා කළුගල් ප්‍රවාහන බලපත්‍ර මාර්ගගත ක්‍රමයට නිකුත් කිරීම මේ මස 30 වනදා සිට ආරම්භ කිරීමට වැඩපිළිවෙලක් සකස් කර ඇති බව පරිසර අමාත්‍යාංශය පවසයි.

ඊට අදාළ වැඩකටයුතු භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් ආරම්භ කර ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

දෛනිකව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට අයත් ප්‍රදේශීය කාර්යාලවලට දිනපතා ප්‍රවාහන බලපත්‍ර ලබාගැනීමට 1000 – 2000ත් අතර පිරිසක් පැමිණෙන අතර වසරකට නිකුත් කෙරෙන බලපත්‍ර ප්‍රමාණය ලක්ෂ 10 ඉක්මවන බව වාර්තා වේ.

ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීමේ දී සිදුවන අක්‍රමිකතා වැළැක්වීම ද එම වැඩසටහනේ තවත් අරමුණක් බව අමාත්‍යවරයා සඳහන් කරයි.

ප්‍රවාහන බලපත් නිකුත් කිරීම ප්‍රමාද වුවහොත් රජයේ සංවර්ධන ව්‍යාපෘතිවලට අවශ්‍ය ඛනිජ ද්‍රව්‍ය මෙන්ම මහජනතාව විසින් සිදුකරන ඉදිකිරීම්වලට ද බලපෑමක් එල්ලවිය හැකි බැවින් මාර්ගගත බලපත් නිකුත් කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

ඉන්ධන පිරවුම්හලක ආරව්ලක් යතුරුපැදිකරුවෙකුට මරු කැඳවයි

colombotoday

මාස පහයි.. තවම සාධාරණයක් නෑ.. සාලවේ වැසියෝ කොළඹ වටලති

colombotoday

“ඒක එතුමගෙ පුද්ගලික මතය පමණයි“.. සුජීව ජනපතිව හෑල්ලුවට ලක්කරයි !

colombotoday

අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයට යන පළමු වැනි පැමිණිල්ල මෙන්න…

colombotoday

හිටපු CID ලොක්කා ශානි අබේසේකරට අභියාචනාධිකරණයෙන් ඇප

colombotoday

හිටපු නීතිපති දප්පුල ද ලිවේරා අත්අඩංගුවට නොගන්නා බවට ප්‍රතිඥාවක්

Admin