Colombo Today Local News

ජල මූලාශ්‍ර වැනසීමේ වාර්තාව යහපාලනයට !

sinharaja23ශ්‍රී ලංකාවේ ජල මූලාශ්‍ර ජෛව පරිසර පද්ධති වනසමින් ඉදිකරන කුඩා ජල විදුලි බලාගාර සඳහා වැඩිම බලපත්‍ර ප්‍රමාණයක් නිකුත් කර ඇත්තේ යහපාලන ආණ්ඩුව විසින් බව අනාවරණය වී තිබේ.

කුඩා ජල විදුලි බලාගාර ඉදිකිරීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක යෙදුණු මහාචාර්ය අයිවන් සිල්වා මහතා විසින් නිකුත් කර ඇති වාර්තාවක මේ බව පෙන්වා දී ඇත.

එකී වාර්තාවෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ මේ වන විට මෙරට කුඩා ජල විදුලි බලාගාර 145 ක් ක්‍රියාත්මක වන බවයි.

තවත් ජල විදුලි බලාගාර 73 කට බලපත්‍ර ලබා දී ඒවා වැඩ නිම කිරීම සඳහා යෝජිත තත්ත්වයේ පවතින බව ද අයිවන් සිල්වා මහතා පෙන්වා දී ඇත.

මේ අතර මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා 2016 අගෝස්තු මස 07 වන දින පුවත්පතකට කියා තිබුණේ කුඩා ජල විදුලි බලාගාරඉදිකිරීම සඳහා මෙරට තවදුරටත් විභවයක් නොපවතින බවයි.

තත්ත්වය එසේ වුව ද දින සියයේ ආණ්ඩුව තුළත් යහපාලන සම්මුතිවාදී ආණ්ඩුව තුළත් කුඩා ජල විදුලි බලාගාර ඉදිකිරීම සඳහා සමාගම් රැසකට බලපත‍්‍ර නිකුත් කර ඇත.

මෙම බලාගාර ඉදිකිරීමේ කටයුතු ජනතා විරෝධයන් නොතකා සිදු වෙමින් පවතින අතර ඉකුත් ආණ්ඩුවේත් වත්මන් ආණ්ඩුවේත් මැති ඇමැතිවරු රැසක් ඊට දායක වී ඇත.

සිංහරාජය, මන්දාරම් නුවර, දෙල්ලව යන ප‍්‍රදේශවලත් රත්නපුරය, කෑගල්ල, මාතර යන දිස්ති‍්‍රක්කවලත් මේ වන විටත් කුඩා ජල විදුලි බලාගාර ඉදිකිරීමේ කටයුතු ආරම්භ වී ඇත.

මේ නිසා මෙරටට ආවේණික මත්ස්‍ය විශේෂ, ජලජ ශාක සහ අධිසංවේදී ජෛව පද්ධති රැසක් විනාශ වී යමින් පවතී.

මේ සියල්ලම සිදු වෙමින් ඇත්තේ වත්මන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා යටතේ පරිසර අමාත්‍යාංශය ඇතුළු වගකිවයුතු ආයතන පැවැතියදීය.

Related posts

නොතීසි භාරගත්තේ නෑ.. කරු ජයසූරිය අධිකරණයට අපහාස කළා. උසාවියට ගෙන්වා අවවාද කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

colombotoday

පාර්ලිමේන්තුව විසුරුවීම මාර්තු 2 වැනිදා – මැතිවරණය අප්‍රේල් 25වැනිදා

colombotoday

ගොවීන්ට පොහොර ගන්න වවුචර් පතක්

colombotoday

ඇමති දෙපළකට එරෙහිව ශ්‍රීලනිපයෙන් කැරැල්ලක් !

colombotoday

මුලතිව් සම්බෝධි විහාරයට තහනම් නියෝගයක්, විහාරය ඉවත් කරගන්නා ලෙස TNA බලපෑම්

colombotoday

හොංකොන් ජාතිකයින් දෙදෙනෙකු රැඳි සිටි හෝටලයක් මුද්‍රා තැබේ

colombotoday