Colombo Today Local News

සංශෝධන නෑ.. VAT පනත පරණ විදිහටම එයි

vatරට තුළ ඉමහත් ආන්දෝලනයට තුඩු දුන් සියයට 15 දක්‌වා එකතු කළ අගය මත බදු (වැට්‌) වැඩි කිරීමේ යෝජනාව එලෙසම අමාත්‍ය මණ්‌ඩලය හරහා යළි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය කටයුතු කරගෙන යයි.

ඒ සඳහා මුදල් අමාත්‍යාංශය දැනටමත් කටයුතු ආරම්භ කර ඇති අතර ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සංශෝධන හෝ වෙනත් සංශෝධන එම බදු යෝජනාවට ඇතුළත් කරන ලෙස තවමත් කිසිදු උපදෙසක්‌ මුදල් අමාත්‍යාංශයට ලැබී නැතැයිද මේ ගැන කළ විමසුමකට පිළිතුරු දුන් මුදල් අමාත්‍යාංශයේ උසස්‌ නිලධාරියෙක්‌ කීවේය.

මේ අනුව අලුත් පනතක්‌ ලෙස අමාත්‍ය මණ්‌ඩලය හරහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත්තේ සියයට 15 දක්‌වා වැට්‌ බදු වැඩි කිරීමේ පෙර යෝජනාවම බවත්, අවශ්‍ය නම් පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ පසු කාරක සභා අවස්‌ථාවේදී සංශෝධන සිදුකර ගැනීමට අවස්‌ථාව තිබෙන බවත් එම නිලධාරියා කීවේය.

පනත ශූන්‍ය පනතක්‌ බවට උසාවිය තීන්දු කළේ නිසි ක්‍රියා පටිපාටිය අනුගමනය නොකරමින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නිසා බවත්, ඒ නිසා එම බදු යෝජනාවම අලුත් පනතක්‌ ලෙස නිසි පරිදි අමාත්‍ය මණ්‌ඩල අනුමැතිය ලබාගෙන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කිසිදු බාධාවක්‌ නැති බවද එම මුදල් අමාත්‍යාංශ නිලධාරියා කීවේය.

මෙහි විශේෂත්වය වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ශූන්‍යය කළ පනත් කෙටුම්පතට අනුව අතීතයේ එනම් පසුගිය මැයි 02 සිට ජූලි 11 දින දක්‌වා මහජනතාවගෙන් දැනටමත් අයකර ඇති වැඩි කළ වැට්‌ බදු මුදල්ද රජයට තබාගත හැකි වන ආකාරයට විධිවිධාන ඇතුළත්ව අලුත් පනත ගෙන ඒමට රජය කටයුතු කරගෙන යැමයි. අලුත් පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත වුවහොත් එම අතීතයේ අයකළ වැට්‌ බදු මුදල්ද රජයට නීත්‍යනුකූලව තබාගත හැකි ආදායමක්‌ වනු ඇතැයිද පෙන්වා දුන් ඔහු, තවදුරටත් කීවේ අලුතින් ගෙන එන වැට්‌ බදු සංශෝධන පනතද අධිකරණය හමුවේ ඕනෑම අයෙකුට අභියෝගයට ලක්‌කළ හැකි බවයි.

දිවයින

Related posts

ආනයනික 400g කිරිපිටි පැකට්ටුවක මිල ඉහළට..

Admin

ලාහුගල වනඋද්‍යානයේ නිධන් හාරමින් සිටි 8 ක් කොටුවේ.

colombotoday

කෝප් සහ කෝපා රැස්වීම් තාවකාලිකව අත්හිටුවයි

colombotoday

වරායේ රැකියා දෙන බවට වංචා කළ හිටපු පොලිස් කොස්තාපල් වත්තලදී අත්අඩංගුවට

colombotoday

වූහාන් ගිය ශ්‍රී ලංකන් කාර්ය මණ්ඩලයට ජනපතිගෙන් හරසර !

colombotoday

රන් මිල ලක්ෂ 2කට ළංවෙයි

colombotoday